ජයසූරියගෙන් ජයග්‍රාහී පන්දු යැවීමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 23, (LNW) කොළඹ :


ප්‍රභාත් ජයසූරිය සම්බන්ධයෙන් ගාලු පිටියේ දී අප පැවසූ සියලු අනාවැකි තහවුරු කරමින් ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය ජය ගත්තේය.දිනකටත් වැඩි කාලයක් තුළ ලකුණු 275 ක් හඹා යාමට ප්‍රභාත් ජයසූරිය මෙන්ම රමේෂ් මෙණ්ඩිස් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියදී කිරීමට අපහසු කාර්යයක් බව අපි කීවෙමු.


https://sinhala.lankanewsweb.net/09/22/132857/


එසේම මේ තරගයේ ආරම්භයේ දි ම අප පැවසුවේ සිව්වන ඉණිම සඳහා නවසීලන්තයට මුහුණ දෙන්නට සිඳුවන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම හැම විටම සිව්වන ඉණිමට අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් ලබා දීම වැදගත් බවය.කියූ ආකාරයෙන්ම නවසීලන්තය වෙනුවෙන් ශ්‍රී ලංකා දෙවන ඉණිම විනාශ කිරීමේ වගකීමට අජාස් පටෙල් උර දෙද්දීම සිව්වන ඉණිමේ දී නවසීලන්තයට කෙතරම් කාලයක් තිබුණත් ලකුණු 250 ක් වුව අසීරු ඉලක්කයක් බව අපි විශ්වාස කළෙමු.


රචින් රවීන්ද්‍ර විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 92 ක් ලබා ගත්ත ද,සෙසු පිතිකරුවන්ට මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට නොහැකි විය.ඒ නිසා රවීන්ද්‍රෙග් දායකත්වය හරහා නවසීලන්ත කණ්ඩායමට යාම පුළුවන් වූයේ ලකුණු 211 ක් දක්වා පමණය.


ජයසූරිය ලකුණු 68 ක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගනිද්දී,රමේෂ් මෙණ්ඩිස් ලකුණු 83 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.ප්‍රභාත් ඉණිම දෙකේදී ම ලකුණු 204 ට කඩුලු 9 ක් දවා ගනිමින් කළ විශිෂ්ඨ පන්දු යැවීම සළකා තරගයේ වීරයා ලෙස ද නම් කළේය.ලොව අංක තුනට ශ්‍රේණිගතව සිටින නවසීලන්තය පරාජය කරන්නට හැකි වීම නිසා ශ්‍රී ලංකාවට ඉහළ නැඟෙන්නට අවශ්‍යය පහසුකම් සැපයෙනු ඇත.ඒ නිසා මේ ජයග්‍රහණයේ ගෞරවය රැකෙන පරිදි සහ තවත් ජයග්‍රහණයක් එකතු වන පරිදි දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම වැදගත් වනු ඇත.
ලකුණු පූවරුවට පිවිසෙන්න. https://es.pn/3XnPZ2c

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...