මෙරට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් කංචන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

මෙරට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්.

ඔහු සඳහන් කළේ, ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතින බවයි,

ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් මෙරට සතුව තිබෙන බවද පවසයි.

ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් රට තුළ පවතින බවද කංචන විජේසේකර මහතා කියා සිටී.

මේ අතර ඊයේ (22) සිය නිල රථය සහ අමාත්‍යංශ කාර්යාලය භාර දුන් බව ද ඔහු ප්‍රකාශ කරයි.

Monara
Monara