*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

IMF වෙතින් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්!

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයෙන් පසු 09 වෙනි විධායක ජනාධිපති ලෙස පත් වූ අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමඟ ඉදිරියේදී කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

2022 ආර්ථික කඩ වැටීමෙන් අනතුරුව නැවත යථාතත්ත්වයට පත්වීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර ඒ මොහොතේ එකම විකල්පය ලෙස පැවතුනේද IMF සහය ලබා ගැනීමයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහය දීම සඳහා IMF අනුමැතිය හිමිවූ අතර 2023 වසරේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ලැබුණු අතර එය මාස 48ක වැඩසටහන් ලෙස ක්‍රියාත්මකයි.

ඊළඟට ඇත්තේ එහි තෙවෙනි සමාලෝචනය වන අතර එම කටයුතු සාධනීයව කිරීමේ අපේක්ෂාවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුවෙන බව සඳහන්.

ජාතික ජන බලවේගයද පවසා තිබූණේ ඔවුන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව තෙවෙනි සමාලෝචන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ කණ්ඩායම විශේෂ අවධානයක් යොමුකරනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan