විස්වාසභංගය ගැන අවසන් තීන්දුවට සජබ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි – ශ්‍රීලනිපයේත් විශේෂ හමුවක්

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පැවැත්වීමට නියමිතය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආණ්ඩුවට එරෙහිව විස්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සජබය තීරණය කර ඇති අතර මේ වනවිටත් මන්ත්‍රීවරුන් රැසක් ඒ සඳහා අත්සන් තබා තිබෙනවා. විස්වාසභංග යෝජනාවට අදාල කටයුතු සම්බන්ධයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 40 කට වැඩි ප්‍රමණයක් මේ වනවිට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන අතර විස්වාසභංග යෝජනාව සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමටද සමගි ජන බලවේගය අපේක්ෂා කරනවා. ඒ පිළිබඳවද අද පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කරන බවයි සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්ද අද පැවැත්වේ. ජනාධීපතිවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට පෙර මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...