විස්වාසභංගය ගැන අවසන් තීන්දුවට සජබ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි – ශ්‍රීලනිපයේත් විශේෂ හමුවක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පැවැත්වීමට නියමිතය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආණ්ඩුවට එරෙහිව විස්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සජබය තීරණය කර ඇති අතර මේ වනවිටත් මන්ත්‍රීවරුන් රැසක් ඒ සඳහා අත්සන් තබා තිබෙනවා. විස්වාසභංග යෝජනාවට අදාල කටයුතු සම්බන්ධයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 40 කට වැඩි ප්‍රමණයක් මේ වනවිට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන අතර විස්වාසභංග යෝජනාව සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමටද සමගි ජන බලවේගය අපේක්ෂා කරනවා. ඒ පිළිබඳවද අද පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කරන බවයි සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්ද අද පැවැත්වේ. ජනාධීපතිවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට පෙර මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...