මහා මැතිවරණ ප්‍රතිඵල ජනාධිපතිවරණ ප්‍රතිඵල මීට වඩා හාත්පසින්ම වෙනස් – සංජීව එදිරිමාන්න

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, ආණ්ඩුවට මේ රටේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙල කුමක්ද යන්න රටට අනාවරණය කළයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අලුත් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වෙලා තිබෙන්නේ වසන්ත සමරසිංහ මහතාගේ වාහන රජ දැක්ම ඉහළින් පෙන්නීම කියලා දක්නට ලැබෙන බවයි,

කිසියම් තැනක රාජ්‍ය දේපළක්, රාජ්‍ය සම්පතක් අවභාවිතයට ලක්ව තිබේනම් එය රටට අනාවරණය කිරීම පිළිබඳව ගැටළුවක් නොමැති බවද ඔහු පෙන්වා දෙනු ලැබීය..

කෙසේ වෙතත් එය එක්තරා සංදර්ශනයක් විදිහට ජනතාවට පෙන්නන්න ඔවුන් උත්සහ කරන බවටයි සංජීව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කළ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට තරඟ කරන බවත් මහා මැතිවරණ ප්‍රතිඵල ජනාධිපතිවරණ ප්‍රතිඵල මීට වඩා හාත්පසින්ම වෙනස් වන බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසැකවම මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු බලයක් වෙනුවෙන් තරඟ කරන බවයි සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...