*
Friday, September 27, 2024
spot_img

Latest Posts

තැන් තැන්වල දමා ගිය වාහනවලට වෙන දේ මෙන්න – අතුරුදහන් වාහන හොයන්නත් CID මෙහෙයුමක්!

කොළඹ LNW:හිටපු පාලකයන් විසින් මහජන ධනය අවභාවිතා කර තිබෙන ආකාරය ජනාධිපති ලේකම් කාර්යාලය අසල සහ තවත් ස්ථාන කිහිපයක නවතා දමා ගොස් තිබෙන සුඛෝපභෝගී වාහන තුළින්ම පෙන්නුම් කර තිබෙන අතර එම සියලු වාහන තවදුරටත් අවභාවිතා නොවන ලෙස අවශ්‍යතාව මත සෞඛ්‍ය. අධ්‍යාපන සහ පොලීසිය ඇතුළු රජයේ ආයතන වෙත ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල හතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ රජයේ නිලධාරීන්ට රාජකාරී සඳහා වහනයක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක, ජනතාවට තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව හැම අතින්ම පීඩාවට පත්ව සිටින මොහොතක හිටපු පාලකයන් තමන්ට සහය දැක්වූවන්ට පෙරළා වරප්‍රසාද ලබාදෙමින් තනතුරු නිර්මාණය කරමින් මහජන දේපළ අවභාවිතා කර තිබෙන ආකාරය දැන් දැක ගැනීමට හැකිව තිබෙන බවයි.

එමෙන්ම 2020 සිට සාමාන්‍ය පරිදි වාහන ආනයනය තහනම් කර තිබුණු පසුබිමකත් 2022 දී රජය වාහන 16ක් අලුතෙන් මිලදී ගෙන ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන වලින් 29ක් අතුරුදහන් බවත් ඔහු සඳහන් කරයි.

අතුරුදහන් වාහන සම්බන්ධයෙන් විමර්ශනයක් කර එම අතුරුදහන් වූ වාහන සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බවත් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා කියාසිටියි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු මෙරට දේශපාලන සංස්කෘතිය පූර්ණ වෙනසකට භාජනය කරන බවත් ජනතා බදු මුදල් පෙරළා ජනතාව වෙතම ප්‍රතිලාභ ලෙස ගලා යන ක්‍රමවේදයක් සකස් කරන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය තුළ වුවද අවශ්‍ය අවම තනතුරු පමණක් තබා ගනිමින් වරප්‍රසාද දීම ව්ව්නුවෙන් නිර්මාණය කරන ලද තනතුරු සියල්ල අහෝසි කරන බවත් ඔහු අවධාරණය කරයි.

මේ වන විට ජනතාව හැම ආකාරයෙන්ම පීඩාවට පත්කර තිබෙන පාලනය අවසන් කර තිබෙන අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් එම පැවති පාලන ක්‍රමවේදය පූර්ණ වශයෙන්ම අවසන් කරනු ඇති බවටත් විශ්වාසය පළකරන බවයි විජයානන්ද මහතා පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan