*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

දින පහක් අවශ්‍යය නොවනු ඇත

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 28, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමා වන විට නවසීලන්තය සිටින්නේ කඩුලු 5 ක් අතැතිව ඉණිමක පරාජයෙන් බේරීමට ලකුණු 314 ක් පසුපසින්ය.ශ්‍රී ලංකාව කඩුලු 5 ට ලබා ගත් ලකුණු 6-2 න් ඉනික්බිති නවසීලන්තය සිය පළමු ඉණිමට මුහුණ දී ලකණු 88 ට දැවී යාමෙන් අනතුරුව පිට පිටම දෙවන වතාවටත් නවසීලන්තය පන්දුවට පහර දීමට සිඳු විය.එහිදී ආරක්සාව වෙනුවට පීඩනය හමුවේ ආක්‍රමණයේ මාවත තෝරාගත් නවසීලන්තය වේගයෙන් පන්දුවට පහර දීමට උත්සාහ කරන බවක් පෙන්වීය.


පන්දු 62 න් ලකුණු 61 ලැබූ ඩෙවොන් කොන්වේ එහි ප්‍රමුඛත්වය ගත්තේය.ලකුණු 46 ක් පන්දු 58 න් එකතු කර ගත් කේන් විලියම්සන් සමග කොන්වේ දෙවන කඩුල්ලට ලකුණු 97 ක් එක් කළේ ඒ අනුවය.එහෙත් මේ වේගයට බාධා කරමින් කෝඩුකාර නිශාන් පීරිස් කඩුලු තුනක්ම දවා ගන්නට සමත් වූ අතර නැවත ලකුණු 121 ට කඩුලු 5 ක් බිඳ වැටුණු තැන සිට ප්‍රහාරාත්මක ආක්‍රමණයක නියැලෙමින් දවස නිමා වෙන තෙක්ම කඩුලු රැක ගෙන පන්දුවට පහර දීමට ටොම් බ්ලන්ඩෙල් සහ ග්ලේන් පිලිප්ස් කටයුතු කරමින් සිටියහ.

.


බ්ලන්ඩෙල් පන්දු 50 දී නොදැවී ලකුණු 47 ක් රැස් කරගෙන සිටි අතර ල්පේන් පිලිප්ස් පන්දු 41 දී ලකුණු 32 ක් ලබා නොදැවී සිටියි.ලකුණු 78 ක අඛණ්ඪ සබඳතාවක් මේ වන විට ඔවුන් දෙදෙනා විසින් පවත්වාගෙන ආවත් ගාලු තණතීරුවේ සිව්වන දිනයේ ප්‍රභාත් ජයසූරිය සහ නිශාන් පීරීස්ට ලකුණු ලබා ගැනීම මෙන්ම කඩුලු නොදී සීටීමද පහසු නොවනු ඇත.ඒ නිසා දින හතරක් යන්නට මත්තෙන් නිමා වෙන තරගයක සියලු හැඩහුරුකම් සමඟ ක්‍රියාත්මක වන තරගයක් බවට පත් වී ඇති මේ තරගයේ දී වෙනසක් සිඳු වන්නටනම් පිලිප්ස් සහ බ්ලන්ඩෙල් විශ්මිත පිතිකරණයක හෙට දින නියැලිය යුතුව ඇත.ඔවුන් දෙදෙනාගෙන් පසුව යම් විශ්වාසයක් තැබිය හැකි එහෙත් ලකුණු තුන්සයයකට එහා යන හඹා යාමක් කළ හැකියයි නොසිතෙන පිතිකරු කුසලතාවක ඇති මිචෙල් සැන්ට්නර් පමණක් දැකිය හැකි නිසා තරගයේ සිව්වන දිනයේ කඩුල්ලේ සිටින පිතිකරුවන් දෙදෙනාත්,සැන්ටනර්ත් මත නවසීලන්තයේ පරාජයේ පරිමාන කුඩා කිරීමේ හැකියාව තිබෙන බව කිව හැකිය.එසේ නොමැතිනම් දින දෙකම වර්ෂාවට සේදි ගොස් නවසීලන්තයට ජය පැරදුමෙන් තොරව මේ තරගය නිමා කරන්නට හැකියාව අවස්ථාව ලැබිය යුතුය.
මේ දක්වාත් තරගය මොහොතින් මොහොත ක්‍රියාත්මක වන ආකාරයත් දැන ගැනීමට පහත දක්වා ඇති සබැඳියෙන් අවස්ථාව ඇත.
https://es.pn/3N1cVzN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan