කලින්ම විශ්‍රාම යන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

2024 දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හෙට (30) සිට විශ්‍රාම යාමට තීරණය කර තිබෙන අතර , ඊට අදාළ ලිපි ලේඛන ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලේකම්වරයා විසින් යොමු කර ඇති බව වාර්තා වේ.

ඔහු මෙම වසරේ දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට තිබියදී නව ආණ්ඩුව යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශවල නව ලේකම්වරයා ලෙස ගිය සතියේ වැඩ භාර ගත්තේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්නගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම වසරේ දෙසැම්බර් 03 වැනිදා තමා විශ්‍රාම යාමට නියමිතව තිබුණද පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් හෙට (30 වැනිදා) දින සිට විශ්‍රාම යන බව සඳහන් කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ලේඛන යොමුකළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...