සිව් වසරකට පසු යළිත් එන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල පළමු වැනි දා සිට ටවර් රගහලේ දී

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 30, (LNW) කොළඹ :

සිව් වසරකට පසු යළිත් ක්‍රියාත්මක වෙන රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසාන වටය ඔක්තෝම්බර් පළමු වන දා සිට ටවර් හෝල් රඟහලේ දී ක්‍රියාත්මක වෙනවා. එය ඔක්තෝම්බර් 1දා සිට ඔක්තෝම්බර් 10 වන දා දක්වා පද්වරු 3.30 සිට පැය භාගයක කාලයක් දිවෙන මෙම ළමා නාට්‍ය දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද නැරඹීමට අවස්ථාව තියෙනවා.


ළමා නාට්‍ය කරුවන් සිව්ව සරක් තිස්සේ අහිමිව තිබූ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සමාජ මාධ්‍ය ඇතුළත සකස් කරගත් සමූහයක් හරහා සාකච්ඡා කරමින් නැවත ඇරඹීම වෙනුවෙන් පොළවට ගෙනා සටනේ ප්‍රතිපලයක් ලෙස මේ වසරේදී යළික් ළමා නාට්‍ය උළෙල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපතිත්වය දරන චන්ද්‍රසිරි බෝගමුව මෙන්ම ඔහුගේ ඇරයුමකින් ළමා නාට්‍ය උපදේශක මණ්ඩලයට පැමිණීමට එම සමූහයේම සූම්මය ඇමතුමකදී සුනම්‍ය වූ අමිතා රම්බිඩිගල ද මෙම සමූහයට එකතු කරන්නට මෙන්ම මෙම සමූහය පුබුදු කරන්නටද පන දුන් ළමා නාට්‍යකරුවා වූයේ ඩී.කේ.ආටිගලයි.


ඉනික්බිති ළමා නාට්‍ය විෂයෙහි ප්‍රවීනයන් එක්ව සකස් කර ගත් හසුනක් මඟින් මෙහි සමාජමය අවශ්‍යයතාවය ඉහළට පෙන්වා දී නාට්‍ය උළෙල යළි ගෙන ඒමට සමත් වුව ද,වෙනදා මෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මුදල් දෙවන වටයේ ප්‍රදර්ශනය කරන නාට්‍ය වෙනුවෙන් මුදල් ප්‍රදාන වෙන් කර තිබුණේ නැහැ.
අනේක විධ අඩුපාඩු මැද,බාධක කම්කටොළු රැසක් මැද දෙවන වටයෙට ප්‍රදර්ශනය කළ නාට්‍ය විශාල ප්‍රමාණයකින් අවසන් වටයට පිවිසි නාට්‍ය වේදිකාවේ වඩාත් අලංකාර මුහුණුවරකින් දැක ගන්නට ඔක්තෝම්බර් 1 වන දා සිට 10 වන දා දක්වා ටවර් රඟහල දොරටු මහජනතාව වෙනුවෙන් නොමිළේ විවෘතව තිබෙනවා.එසේම මේ සමඟ නාට්‍ය උළෙලේ කාල සටහන ද මේ සටහන සමඟ දක්වා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...