නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාවට සංචාරය කිරීමෙන් වළකින්න – විදේශ අමාත්‍යංශය

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.ඒ නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබේ. දැනට එම දෙරටෙහි සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් නවාතැන්වලින් පිටත එහාමෙහා යාමෙන් වළකින ලෙසත් ය.
 
එසේම බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩැමස්කස් නුවර පිහිටි කොන්සල් කාර්යාලය සමග නිතරම සම්බන්ධව සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.

ඒ සඳහා [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කරන ලෙසත්, පහත දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

සනත් බාලසූරිය       – 0094 771102510 
ප්‍රියංගි දිසානායක     – 0094 718381581 
ෆාහ්ඩ් හව්වා           – 00961 81485809
අල් ඩ්‍රෑබි                – 00963 944499666, 00963 933858803

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...