ගිනි ජාලා මැද මැදිවුණු මැදපෙරදිග භීෂණය!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 01 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
මැදපෙරදිග භීෂණයන් සැලකිය යුතු ලෙස උත්සන්න වෙමින් මේ වනවිට පවතී. ඉරානය ඊශ්‍රායලයට මිසයිල දුසිම් ගණනක් දියත් කරමින් ජාත්‍යන්තර වශයෙන් ගිනි ජාලාවක් නිර්මාණය කරමින් සිටී.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් සිදු කරන ලද මෙම ප්‍රහාරය හමාස් නායක ඉස්මයිල් හනියේ සහ හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනයට පළිගැනීමක් ලෙස සනිටුහන් වෙයි.

මිසයිල ප්‍රහාරය ඊශ්‍රායලයේ ප්‍රධාන කඳවුරු ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට ඉරාන නිලධාරීන් අනතුරු අඟවා ඇත.

විශේෂයෙන්ම මධ්‍යම සහ දකුණු ඊශ්‍රායලයට ඉහළින් එන බොහෝ මිසයිල මහා පිපුරුම් ඇති කරන ලදී.

හදිසි සේවා ස්ථාන කිහිපයක පුරවැසියන්ට නවාතැන් ගැනීමට උපදෙස් ද ලබා දී තිබේ.

ඊශ්‍රායලයේ ආරක්‍ෂාවට ආධාර කිරීම සඳහා ඇමරිකානු හමුදා සමහර මිසයිලවලට බාධා කරන බව ආරක්‍ෂක නිලධාරියකු තහවුරු කිරීමත් සමඟ එක්සත් ජනපදය ද මීට සම්බන්ධ වී ඇතැයි ප්‍රකාශ කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?