ඔහු ලියූ පොත ඔහුටම!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා ගේ ‘‘The India Way: Strategies for an Uncertain world’’ කෘතිය ඉන්දීය මාවත : අවිනිශ්චිත ලෝකයක උපාය මාර්ග මැයෙන් සිංහලට පරිවර්තනය කර පාත්ෆයින්ඩර් පදනමේ නිර්මතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් එහි පළමු පිටපත මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාට පිරිනමා තිබේ.

පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාර්ඩ් ගුණතිලක හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී ඇති බව සඳහන් වේ.

2008 වසරේ ලෝක ආර්ථීක අර්බුදයේ සිට 2020 කොවිඩ් -19 වසංගතය දක්වා කාලය තුළ ලෝක පර්යාය පරිවර්තනයකට පත් වූ අතර, එහි අභියෝග හා ඉන්දියාව යෝජනා කරන ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සහිත විශ්ලේෂණයක් මෙම කෘතියෙන් අනාවරණ කෙරෙන බව සඳහන් වේ.

පාත්ෆයින්ඩර් පදනමේ ප්‍රකාශනයක්වන ඉන්දීය මාවත කෘතිය , සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ, අජිත් පැරකුම් ජයසිංහ විසින් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...