“ගෝඨා ඕනේ” උද්ඝෝෂණයකට හලාවතදී ජනතාවගෙන් ගුටි … (VIDEO)

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් හලාවත නගරයේදී ජනතාව විසින් විරෝධතාවක් පවත්වමින් සිටියදී ජනාධිපතිවරයාට සහාය පළකරන කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

එහිදී “ගෝඨා ඕනේ” යැයි පවසමින් පැමිණි කණ්ඩායමට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර ඔවුන්ට පහරදී එළවා දමා ඇති බව සඳහන්.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රබලයකුගේ වාහනයක් ද එම අවස්ථාවේදී ජනතාවගේ ප්‍රහාරයට ලක්ව ඇති බවත් වාර්තා විය.

අවසානයේ පොලිසිය මැදිහත්ව ජනාධිපතිවරයාට සහාය පළ කළ උද්ඝෝෂණකරුවන් පිරිසට දැඩි ආරක්ෂාවක් ලබාදෙමින් එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...