ආණ්ඩුව විදෙස් රටවලිනුත් හිඟා කනවා ව්‍යාපාරිකයන්ගෙනුත් හිඟා කනවා – රනිල්

0
1017

ලබන ජූලි – අගෝස්තු වනවිට පෞද්ගලික අංශයේ ආයතන සැළකිය යුතු ප්‍රමාණයක් වසා දැමීමට සිදුවන තත්වයට අර්බුදය බැරෑරුම් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ වුවහොත් ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර වී ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටෙනු ඇති බවද එජාප නායකයා සඳහන් කරයි.

දිනෙන් දිනම ඉහළ යන උද්ධමනය හේතුවෙන් රටේ ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත්, තවත් මාස කිහිපයක් යද්දී එම දුෂ්කරතා තවදුරටත් වර්ධනය වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර තිබූ සාකච්ඡාවකට සහභාගිවෙමිනි.

මේ වනවිට ඇතැම් විදෙස් වියදම් පියවීම සිදු කරන්නේ ප්‍රධාන අපනයන සමාගම් සතු ඩොලර් භාවිතා කර බවත්, තවත් කොපමණ කාලයක් එවැනි ආකාරයෙන් වියදම් පියවා ගැනීම සිදුකළ හැකිද යන්න බරපතල ගැටලුවක් බවත් එජාප නායකයා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාව විදෙස් රටවල් ඉදිරියේ පමණක් නොව දේශීය ව්‍යාපාරිකයන් ඉදිරියේද හිඟමන් යදින රටක් බවට වත්මන් පාලකයන් විසින් පත්කර ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here