උගන්ඩාවේ තියෙනවා කියපු අපේ ඩොලර් බිලියන 18 ගේන්න අපේ පරම්පරාවේම සහාය ආණ්ඩුවට දෙනවා – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාජපක්ෂවරුන් විසින් උගන්ඩාවේ සහ සීෂෙල්ස් රාජ්‍යයේ සඟවා ඇතැයි වත්මන් ආණ්ඩුවේ නායකයින් කියූ ඇමරිකානු ඩොලර් බිලියන 18 රැගෙන ඒම සඳහා තම මුළු පරම්පරාවේම සහයෝගය ආණ්ඩුවට ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“යම්කිසි කෙනෙක් උගන්ඩාවෙ ඉන්නවා නම් අඳුනන කෙනෙක්, අපේ සල්ලි එහෙ තියෙනවා කියලා කියනවා නම්, දැන් ඒවා ගෙනවා නම් මේ ණය ගෙවන එක ප්‍රශ්නයක් නෑනෙ. ඩොලර් බිලියන 18ක් තියෙනවා ලු. එතකොට IMF එක ඕනෙත් නෑ, ලෝක බැංකුව ඕනෙත් නෑ, කිසිම අරමුදලක් ඕනෙ වෙන්නෙ නෑ. අපේ පරම්පරාවේම සහයෝගය දෙන්නම්, අපෙ මුළු පක්ෂයේම සහයෝගය දෙන්නම්, අර සීෂෙල්ස්වලයි, උගන්ඩාවෙයි අපි ගුවන්යානාවලින් හොරකම් කරන් ගියපු සල්ලි ටික ඉක්මනට හොයලා ලංකාවට ගෙනල්ලා ඉක්මනට මේ ප්‍රශ්නය විසඳන්න මේ ආණ්ඩුවට හැකියාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (05) ආණමඩුව ප්‍රදේශයේදී පැවති පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවති විරෝධතාවක්...

පාළුයි කන්ඩලමම නුඹ නැතිව…

සය මසක් දුක් වින්ද..හැඩකාරයෝ නුඹ... හෙලූ දුක් කදුළු වේදනා අපමණ...දන්නෙ...