*
Monday, October 7, 2024
spot_img

Latest Posts

SCO සමුළුවට සහභාගිවන ඉන්දීය විදේශ අමාත්‍යය ජයිශංකර් පකිස්ථානයේ නිලධාරීන් හමුවීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔක්තෝබර් 15 සිට 16 පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2024 ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සහභාගී වීම සඳහා පකිස්ථානයට ගිය ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ප්‍රතිවාදී පාකිස්තානය සමඟ ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

SCO යනු මධ්‍යම ආසියානු රාජ්‍යයන් සමඟ සබඳතා ගැඹුරු කිරීම සඳහා රුසියාව සහ චීනය විසින් පිහිටුවන ලද ඉන්දියාව, පකිස්ථානය, උස්බෙකිස්තානය, කසකස්තානය, තජිකිස්තානය සහ කිර්ගිස්තානය ඇතුළු රටවල් 10 ක කණ්ඩායමක් වන අතර මේ සම්බන්ධයෙන් ජයිශංකර් මහතා සඳහන් කර තිබුණේ, මම එහි යන්නේ ඉන්දියා-පාකිස්තාන සබඳතා ගැන සාකච්ඡා කිරීමට නො වන බවත්, මම එහි යන්නේ SCO හි හොඳ සාමාජිකයෙකු වීමට ය, නමුත් මම ආචාරශීලී සහ සිවිල් පුද්ගලයෙක් බැවින්, මම ඒ අනුව හැසිරෙන්නෙමි යනුවෙනි.

ඉන්දියාව හා පකිස්ථානය අතර හවුලේ පාලනය වන කාශ්මීරය හේතුවෙන් දෙරට අතර හොඳ හිත පලුදු වී ඇති අතර කාශ්මීරයේ සන්නද්ධ කැරලිකරුවන්ට පාකිස්තානය සහාය දෙන බවට ඉන්දියාව චෝදනා කරන අතර එය ඉස්ලාමාබාද් චෝදනාව ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් පකිස්ථානය සඳහන් කර තිබුණේ, තමන් කාශ්මීරයේ “නිදහස් සටන්කාමීන්” ලෙස හඳුන්වන දේට දේශපාලන සහ සදාචාරාත්මක පිටුබලයක් පමණක් සපයන බවයි.

2019 දී මෝඩි විසින් කාශ්මීරයට ලබා දී ඇති ව්‍යවස්ථාමය සහතික ඉවත් කර කලාපය ෆෙඩරල් පාලන ප්‍රදේශයකට පත් කිරීමෙන් අනතුරුව කාශ්මීර වැසියන් පවසා ඇත්තේ මෙම පියවර මගින් තමන්ගේම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කරන බවයි.

කෙසේ නමුත් මෙම අවස්ථාව වැඩිවන අභියෝග හමුවේ ගැටුම් සාමකාමීව විසඳීම සඳහා දෙපාර්ශවයටම කදිම අවස්ථාවක් වශයෙන් විශ්ලේෂකයන් හඳුවා දී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan