IMF තුන්වෙනි සමාලෝචනය කඩිනම් කරන්න – හිටපු මුදල් රාජ්‍ය ඇමති

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුන්වෙනි සමාලෝචනය අභියස සිටින අතර කඩිනමින් එම කටයුතු සිදුකරගන්නා ලෙස හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

2025 පළමු කාර්තුව තුළ හතරවෙනි වාරිකයට ලබා ගැනීමට නම් එම සමාලෝචනය සාර්ථක කරගැනීම අවශ්‍ය බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

‘ අලුත් ජනාධිපතිවරයෙකුට ජන වරමක් දීලා තියෙනවා. ඒකෙදි අපි විශ්වාස කරනවා වගකීමෙන් ජනාධිපතිතුමා සහ රජය ඒ වගකීම ඉටුකරයි කියල. අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපතිතුමා මුණ ගැහෙනවා. අපි තුන්වෙනි සමාලෝචනය අභියස ඉන්නේ. තුන්වෙනි සමාලෝචනය තමයිහතරවෙනි වාරිකය වෙනුවෙන් ඒ කියන්නේ ඩොලර් මිලියන 300 හෝ 330 ක් 2025 පළමු කාර්තුව තුළ ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම හිතන්නේ කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් තුන්වෙනි සමාලෝචනය සඳහා දින නියම කරගන්න. කඩිනමින් එය අවසන් කරන්න කටයුතු කරන්න. ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩුව මෙහෙයවද්දී අඩුපාඩු පෙන්වල දෙන්න විපක්ෂයකුත් අවශ්‍යයි. විපක්ෂයේ හැමකෙනාම එකට ඇවිල්ලා තරඟ කළා නම් හොඳයි. නමුත් ඒ තත්ත්වය මෙතනදී දැකගන පුළුවන් වෙනේ නැහැ. විපක්ෂයක අවශ්‍යතාව රටට තියෙනවා.” යනුවෙන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...

වසර හතරකට පෙර මැකී ගිය ”දේදුන්න”

මංගල සමරවීර කියන දේශපාලනඥයා,මානවහිතවාදීයා, සෞන්දර්යවේදියා වගේම මගේ හෘදයාංගම මිතුරා...

අදත් පාන්දරින්ම වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු...