ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ – හොරු අල්ලන දිනය සමන්ත විද්‍යාරත්න නිවේදනය කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගයට බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව ඉතා කඩිනමින් දූෂිතයින්ට, වංචනිකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“අපට කියන්න තියෙන්නේ ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ කියලා. නොවැම්බර් 14 වෙනිදා හොඳටම හැලිය රත්වෙනවා. හැලිය රත්වෙලා ජනතාවාදී බහුතරවාදී බහුතර පාලනයක් මේ රටේ බිහිවෙනවා. බිහිවුණාට පස්සේ ඒ කට්ටියට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් අරගෙන කටයුතු කරන්න සූදානම්. ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා දීපු ජනාධිපති ධුරයෙන් වැඩගන්න, ඒ ජනාධිපතිතුමාට පහසු වෙන්න, ඒ යන ගමනට ශක්තියක් වෙන්න, ඔබේ ඡන්දය ජාතික ජන බලවේගයේ මාලිමාවට දෙන්න”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් “ආදරේ” අරන් ගමින් ගමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිවයිනට බලපෑ දිට්වා...

චෙන්නායි සිට එන අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැව අද (07) කොළඹ වරායට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිට්වා’ සුළි...

ශ්‍රී ලංකාවට සහනයක් වූ මියන්මාරය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්...