කොදෙව් තරග පෙනී පෙනී දඹුල්ලට විශ්මිත ලකුණු වැස්සක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 08, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල වැඩිපුරම සහභාගි වුණේ ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා.මේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් නායකයාවත් ඇතුළත්ව නැහැ.ඒ වරදක් නිසා නොවෙයි,හැකියාවන් අනුව සංයුතිය වෙනස් වෙන ආකාරය සළකා බලා ගත්තු තීරණයක්.මේ විදිහට ටෙස්ට් තරගවලට පෙර ගෙවුණු අවසාන් එක්දින සහ විස්සයි විස්ස තරගවලදි කැපී පෙණුන ජෙෆ්රි වැන්ඩර්සේ,මතීශ පතිරණ,කුසල් මෙණ්ඩිස්,අවිශ්ක ප්‍රනාන්දු සහ නායක චරිත් අසංලක ද දකින්නට ලැබෙන අපූරු අවසාන තරගයක් ඉකුත් දා පැවත් වුණා.ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන ජාතික සුපිරි එක්දින තරගාවලියේ අවසාන තරගය වූ එම තරගයට පිවිස සිටි කොළඹ කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවද්දී,ජැෆ්නා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ජනිත් ලියනගේ යි.

මේ තරගයේ තත්ත්වය අදහා ගත නොහැකි එකක් වුණා.ලකුණු වැස්සක් පිස්සුවක් ලෙස කඩා වැටුණු තරගයක් වූ මේ තරගයේ දී ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් වාර්තා වුණා.පන්දු යවන්නන්නට කිසිඳු සහනයක් නොලද තරගයක් වූ මේ තරගයේ දී ජාතික කණ්ඩායමේ සිටින ජෙෆ්රි වැන්ඩර්සේ සහ මතීශ පතිරණ වැඩියෙන්ම බැට කෑ පන්දු යවන්නන් දෙදෙනා බවට පත් වුණා.

කුසල් ජනිත් පෙරේරා බටහිර ඉන්දීය කොදෙව් තරගය පෙනී පෙනී යළිත් අසාර්ථක වෙමින් ලකුණු නො‘ලබා දැවී ගියා.කසුල් මෙණ්ඩිස්ටත් සාර්ථක වන්නට ලැබුණේ නැහැ.එහෙත් අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක විශ්මය දනවන පිතිහරඹයක යෙදෙමින් කුසල්ලාගේ දැවී යාමෙන් ලකුණු 4 ට කඩුලු 2 ක් වූ කොළඹ ඉණිම වෙනුවෙන් තෙවන කඩුල්ලට ලකුණු 262 ක සබඳකාවක් ගොඩ නඟන්නට සමත් වුණා.ඉණිම නිමාවන විට ජාතික පන්දුවාර 50 තරගාවලියේ ඉතිහාසය වෙනස් කරමින් කොළඹ ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 413 ක් ව පැවතියා.චරිත් අසලංක ඇස් දෙබැම දක්වා එසැවෙන විශිෂ්ඨ සහ විශ්මිත ඉණිමකින් පන්දු 142 ක් වැය කර ලකුණු 206 ක් රැස් කර ගන්නට සමත් වුණා.

දඹුලු ක්‍රීඩගෙණය කොදෙව් සංචාරයේ තරග පැවත්වෙන බිමක් වන බැවින් මේ ප්‍රහාරයන් ඉතා වැදගත් වෙනු ඇති.මේ ලකුණු පූවරුව ඇති කළ පීඩනය මත ජැෆ්නා කණ්ඩායම ද වේගවත් පිතිකරණයකට පිවිසෙන්නට උත්සාහ ගනු ලැබුවා.හැම ක්‍රීඩකයෙකුම පාහේ ලකුණු ලබා ගැනීමේ වේගය 100% හෝ ඊට වැඩි වේගයක නඩත්තු කරන්නට උත්සාහ ගත්තද විශාල ඉණිම් වාර්තා කරන්නට නොහැකි වුණා.ඒ අතරින් රොන් චන්ද්‍රගුප්ත ලකුණු 56 ක් ලැබූ අතර අවධානය යොමු විය යුතු ඉණිමක් ක්‍රීඩා කරමින් ලහිරු මධුශංඛ ඔහු ගැන අදහස් දක්වන සමාජයට සාධාරණයක් වෙන ලකුණු 104 ක් රැස් කළේ පන්දු 86 ක් පමණක් වැය කරමින් වීම කැපී පෙණුනා.ඔහු එක්දින ආකෘතියට වඩා විස්සයි විස්ස ආකෘතිය ඇතුළත පලදායී ක්‍රීඩකයෙකු විය හැකි බව සනාත කරමින් එම ලකුණු 104 ට හයේ පහර 4 ක් හතරේ පහර 10 ක් ද එකතු කර තිබුණා.පන්දු යවන්නෙක් වශයෙන් ද මෙම තරගයේ පන්දු යවන්නන්ට මුහුණ දෙන්නට සිඳු වූ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ලහිරු ලකුණු 77 ට කඩුලු 2 ක් දවා ගන්නට ද සමත් වුණා.

තරගයේ ලකුණු පූවරුව ක්‍රියාත්මක වූ හැටි ගැන දළ අවබෝධයක් ගන්නට පහත සබඳතාවය හරහා ලකුණු පූවරුවට පිවිසිය හැකියි. https://bit.ly/3TYOQNQ

මේ තරගාවලියේ අවසාන තරගයට නොපිවිසුණත් අන් කණ්ඩායම් ද එම කණ්ඩායම් නියෝජනය කරපු ක්‍රීඩකයින් ද ඉහළ දස්කම් දැක්වීමත් අවධානයට ලක් විය යුතුයි.තරගාවලියේ දක්ෂතාම පිතිකරු වූයේ මහනුවර නියෝජනය කළ අහාන් වික්‍රමසිංහයි.එසේම හොඳම පන්දු යවන්නා ලෙස ඇගයීමට ලක් වෙන්නට ගාල්ල වෙනුවෙන් ක්‍රීඩා කළ මුදිත ලක්ෂාන්ට හැකියාව ලැබුණා.

www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...