සටහන – රුවන් නෙළුගොල්ල
ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කෙලර් මහතා අද (10) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
සවිමත්, තිරසර, නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගීතාව යළි තහවුරු කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසන්නේ.
එසේම ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා ඇමරිකාවේ දැඩි කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කරන බවත් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයෙන් දැක්වේ.
අද්මිරාල් ස්වීට් කෙලර් 2021 වසරෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළම මට්ටමේ ඇමරිකානු හමුදා නිලධාරියා ය.
