*
Friday, January 3, 2025
spot_img

Latest Posts

පොහොට්ටුවෙන් නාමල් ජාතික ලැයිස්තුවට?

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්කයකින් තරඟ වැඩිම වෙනුවට ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමේ සූදානමක් පවතින බව පෙනෙන්නට තිබේ.

ඔහුට මුළු රටේම මැතිවරණ මෙහෙයුම් පිළිබඳ අවධානය යොමුකිරීමට සිදුව ඇති නිසා එම තීරණයට පැමිණ ඇති බව සඳහන්.

විශේෂයෙන් ජනාධිපතිවරණ ජන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා අසීරු අඩියකට තල්ලු වී තිබෙන හෙයින් නැවතත් ඔවුන්ගේ දේශපාලන කටයුතු සන්විධයන්ය කිරීමට සිදුව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පැවසුවේ නාමල් රාජපක්ෂ මහතාට මුළු රටේම මැතිවරණ කටයුතු මෙහෙයවීමට ඇති හෙයින් ඔහුව එක දිස්ත්‍රික්කයකට හෝ ආසනයකට කොටු කිරීමේ අපේක්ෂාවක් නොමැති බවයි.

”එතුමාගේ දක්ෂතාවය වගේම එතුමාගේ සහය සියලුම ආසනවලට සියලුම කොට්ඨාසවලට ලැබෙන්න ඕනේ. එතුමා අදටත් හම්බන්තොට දිස්ත්‍රික්කයට නායකත්වය ලබාදෙනවා. හැබැයි එතුමාට ලංකාවේම වගකීම් එක්ක ඒ වගකීම් ඉටුකරන්න පුළුවන් තැනකින් තමයි එතුමා මැතිවරණයට එන්නේ. ජාතික ලැයිස්තුවෙන්ද නැත්නම් ජන්දය ඉල්ලනවද කියල තීරණය කරලා නැහැ. හැබැයි ඒ තීරණ සියල්ල ගන්නේ ලංකාවටම නායකත්වය දෙන්න ලේසිම ආකාරය ගැන බලලා. එතුමව එක දිස්ත්‍රික්කයකට, ආසනයකට කොටුකරලා තියන්න බැහැ. මොකද එතුමා අපේ අනාගත ජනාධිපති ධූර අපේක්ෂකයා. 2029 නියත ජනාධිපතිතුමා. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ආසනයක කොටුකරන්න. එතුමා ලංකාවේම යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා අවශ්‍ය කටයුතු කරනවා.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan