පාර්ලිමේන්තුවේත් ඩොලර් හිඟයක් ?

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයත් ඇතුළුව මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ 113ක සරල බහුතරය පවා ගැටලුසහගත වී තිබේ.

ඒ අනුව ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් යළි එක්කර ගැනීම සඳහා “මන්ත්‍රී වෙන්දේසි” මෙහෙයුමක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මන්ත්‍රීවරයෙකු සඳහා රුපියල් මිලියන සිය ගණන්වලින් ලංසු ඉදිරිපත් වන අතර ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් රුපියල්වලින් ගනුදෙනුව කිරීමට අකමැති වීම බවත් සඳහන්.

එනම්, රුපියල දිනපතා වේගයෙන් අවප්‍රමාණය වන තත්වයක් තුළ මන්ත්‍රීවරුන් පක්ෂ මාරුවට අදාළ ගණන රුපියල්වලින් සාකච්ඡා කරගත් පසුව එම මුදල ඇමරිකානු ඩොලර්වලින් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් සිටින බවත් ඔවුන් ශ්‍රී ලංකා රුපියල්වලින් ගනුදෙනුව කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන තත්වයක් උද්ගතව ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මෙයින් පෙන්නුම් කෙරෙන්නේ රට මුහුණ පා සිටින ඩොලර් හිඟය පාර්ලිමේන්තුවේ බහුතර බලය පවත්වා ගැනීමටත් විශාල වශයෙන් බලපෑම් කරන බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...