ලියුම් ලියලාත් ඉවරයි, සාකච්ඡාත් ඉවරයි. මේ ආණ්ඩුවත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ – මෛත්‍රී

Date:

වත්මන් ආණ්ඩුවත් සමග මින් ඉදිරියට කිසිදු ගනුදෙනුවක් නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

“ශාන්ත බණ්ඩාරගේ දේශපාලන ජීවිතය ඔහු විසින්ම සියදිවි නසාගත්තා කියලා තමයි මම විශ්වාස කරන්නෙ. ශාන්ත බණ්ඩාර දැන් කියනවාලු අදත් මම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කියලා තමයි ගියේ ඇමතිකම ගන්න කියලා. ඕවා කිසිදෙයක් මාත් එක්ක කිව්වෙ නෑ. අඩු වශයෙන් ටෙලිෆෝන් එකෙන් කතාකරලාවත් කිව්වෙ නෑ මම මෙහෙම තීරණයක් ගන්නවා කියලා. අපි අද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නෙවෙයි. ඒ වගේම විපක්ෂයේ කණ්ඩායමකට එකතුවෙච්ච පිරිසකුත් නෙවෙයි. අපි පැහැදිලිවම ස්වාධීනව අපේ අදහස් කිරීමයි කරන්නෙ. ජනතාව ආවේගශීලී වීමේ තත්වය පිළිබඳව ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැයි වගේ තමයි පේන්නෙ. පාර්ලිමේන්තුවේ ඔළුවලින් සංඛ්‍යාවත්මකව ඒගොල්ලන්ගේ වැඩිවීමක් තියෙන නිසා ඒගොල්ලන් ඒ තියෙන ප්‍රශ්න එකක්වත් ප්‍රශ්න විදියට නෙවෙයි කතාකරන්නෙ. ඉතින් මේ තත්වයන් තුළ අපි මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක කිසිම ගනුදෙනුවක් කරන්නෙ නෑ. අපි ආණ්ඩුවට ලියුම් ලියලාත් ඉවරයි, යෝජනා ලියලාත් ඉවරයි, ආණ්ඩුවත් එක්ක සාකච්ඡාවලට යාමත් ඉවරයි.ඒ කිසි දෙයක් ආයෙ නෑ. පාරට බැහැලා ඉන්න, බෝඩ් උස්සාගෙන ඉන්න, රාජපක්ෂලා එපායි කියන ඒ සියලු ජනතාවත් එක්ක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ කියන එක මම තමුන්නාන්සෙලාට කියන්න ඕනෙ

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (12) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...