මංගලගේ රැඩිකල් මැද මාවතෙන් කෙෂාල් කොළඹට!

Date:

දිවංගත මංගල සමරවීරගේ ‘රැඩිකල් මැද මාවත’ දේශපාලන වැඩපිළිවෙල නියෝජනය කරමින් ‘මැන්ගිලොජි’ සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන කෙෂාල් ජයසිංහ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ‘සිලින්ඩරය’ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දී ඇත.

කොළඹ රාජකීය විදුහලින් මූලික අධ්‍යාපනය හදාරා ඇති කෙෂාල් ජයසිංහ අනතුරුව ඇමරිකාවේ San Francisco State University යෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා ඇත. එසේ විදෙස් අධ්‍යාපනයෙන් අනතුරුව ලංකාවට පැමිණි ඔහු මංගල සමරවීර විදෙස් ඇමතිව සිටි සමයේ ඔහුගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළේය. 

අනතුරුව ඔහු රජයට අයත් ‘සැලසිනේ’ ආයතනයේ සභාපති ලෙසත්, මහජන බැංකුවට අනුබද්ධ People’s Travels හි සභාපති ලෙසත් කටයුතු කළේය.

මංගල සමරවීර සක්‍රිය දේශපාලනයෙන් ඉවත්ව ‘රැඩිකල් මැද මාවත’ දේශපාලන වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ කෙෂාල් ජයසිංහ එහි ක්‍රියාධරයකු ලෙස කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ කටයුතු කළ වසර දෙකකට අධික කාලයේ, ජනාධිපති කාර්යාලයේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කල කෙෂාල් ජයසිංහ, එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධාන ක්‍රියාකාරිකයෙකි.

ලාංකීය දේශපාලනයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් දේශපාලන නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ලබා ගැනිම කෙෂාල්ගේ අරමුණයි. එක්සත් ජාතික පක්ෂයේ මූලික දැක්ම වන රටේ සියළුම ජන කොටස්වලට ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස හා නූතනවාදය කෙෂාල් නියෝජනය කරයි. රටේ සියළුම පුරවැසියන්ට තමන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීමට අවශ්‍ය ආර්ථික හා දේශපාලන අවකාශය ලබා දිය හැකි මධ්‍ය දංක්ෂිණාංශික දේශපාලන දර්ශනය වෙනුවෙන් කෙෂාල් පෙනි සිටියි.

අද ලංකාවට අවශ්‍ය වි ඇත්තේ පොරොන්දු දේශපාලනය ඉක්මවා යන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දේශපාලන දැක්මකි. එම ප්‍රායෝගික වැඩපිළිවෙල දැනට සතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයටයි. රටේ ධනෝත්පාදනය එකම මාර්ගය වි ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ දර්ශනයි. ගෝලියකරණය තුළ ලංකාවට ගෝලිය නිශ්පාදනයට දායක වි හැකි එකම දැක්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂය තුළයි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයද විශාල මැතිවරණ පොරොන්දු සමඟින් බලයට පත් වුවත් ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ලද වැඩපිළිවෙලයි. දැනටත් එම වැඩපිළිවෙල විවේචනය කරන පිරිස පවා වෙන මාවතක් නොමැති බව අවබෝධ කරගෙන ඇත. මෙම ප්‍රායෝගික නමුත් අභියෝගාත්මක මධ්‍ය දක්ෂිණාංශික වැඩපිළිවෙලේ මූලධර්ම වෙනුවෙන් සක්‍රීයව දේශපාලනයේ යෙදිම කෙෂාල්ගේ මූලික අභිමතාර්ථය වේ.

https://web.facebook.com/watch/JourneyWithMangala/?ref=embed_video

Theleader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...