*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

තෙලුත් නැහැ,ගෑසුත් නැහැ මොකුත් නැති රටේ දැන් රගරුත් නැහැ

ආසියානු රගර් පරිපාලනය විසින් ශ්‍රී ලංකා රගර් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පැනවූ තහනම පිළිගන්නා බවට කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අපට ලැබුණු එක අදහසක සාරංශයක් මේ සටහනේ උද්ධෘතය වන්නේය.රටේ මිනිසුන්ට බොහෝ දේ අහිමිවීම සම්බන්ධයෙන් රාජපක්ෂලාගේ පාලනය වගකිව යුතු වන්නාසේම නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණය නිසා රටේ රගර් ක්‍රීඩාවටත් ජාත්‍යන්තර පිටිය අහිමිවීමේ අවදානමක් පවතින බව එම අදහස් දැක් වූ පුද්ගලයා පෙන්වා දුන්නේය.

යම් කරුණු ගණනක් සම්බන්ධයෙන් රගර් පරිපාලනයෙන් කරණ ලද අදහස් විමසීමකට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කරුණු විමසීමක් කළ අවස්ථාවේ රගර් පරිපාලනය ඊට පිළිතුරු දී තිබියදී වසරකට පසුව එම කරුණුම සඳහන් කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිලවරණය සම්බන්ධයෙන් කටයුතු නොකරන සේ යළි ඉල්ලීමක් කරන්නේය.එහිදී ඔහු සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගන්නා බවය.නමුත් නීතිපති උපදෙස් ගැන කරුණු දැක්වීමක් වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයා පසුව කරන්නේ රගර් තහනමකට ලක් කිරීමය.

මෙහිදි කරුණු ගැලපෙන හැටි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේම වාර්තා වෙන හැටියට ආසියානු රගර් තහනම පිළිගැනීම සම්බන්ධයෙන් දැනටත් ශ්‍රී ලංකා රගර් නියෝජනය කරමින් එහි සිටින අයගේ බලපෑම ද,හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදයද ඇතුළත්ව ඇත.ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු රගර් හා සබැඳි චරිතය ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් තනතුරට ගෙන ඒමට උත්සාහ කර ඇතත්,ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.ඒ තරමටම ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිතට සමීප ඔහු මෙන්ම රගර් අනුග්‍රහය සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ඒකාධිකරය බිඳ දැමීමට වත්මන් පරිපාලනය සමත්වීම ද මෙහිදි අවධානයට ලක් කළ යුතුය.

ඒ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ කමිටුවල සාමාජිකත්වයද අවස්ථාව අහිමි වූ අනුග්‍රාහක ආයතනයේ ප්‍රධානීන්ට ලබා දී තිබිණ.ඒ අනුව ඔවුන් අසියානු රගර් සමඟ සම්බන්ධ වෙමින් ඊට අනුග්‍රහයක් දැක්වීමට ආසියානු රග්ර් සමඟ සිටින ශ්‍රී ලංකා නියෝජිතයාගේ සහයද යොදා ගන්නා අතර එහි අවසාන මොහොතට මහත් හරසරින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාද සහභාගි කර ගන්නේය.මේ අතර අනුග්‍රාක ආධිපත්‍ය අතහැර තනිව රගර් සම්මේලනය ජාතික රගර් ලීග් සූරතාවය මෙහෙයවන අතර අතරමැදදී අනුග්‍රාහකත්වයක්ද සොයා ගන්නට සමත් වන්නේය.අනුග්‍රාහකත්වය සොයා ගැනීමෙන් පසු රගර් පරිපාලනයට එරෙහිව නැඟෙන බලපෑම් වැඩි වූ අතර අවසානයේ එය නවතින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයකින් ශ්‍රී ලංකා රගර් තාවකාලික තහනමකට ලක් කරමින්ය.

හිටපු රගර් නායකයෙක් ද වන ක්‍රීඩා අමාත්‍යවරයා සිය ධූර කාලයේදී අඩුම තරමේ අනුග්‍රාහකත්වයේ ඒකාධිකාරය බිඳිමින් රගර් පරිපාලනය ලීග් සූරතාවය මෙහෙයවන ආකාරය හෝ ඔහු විසින් ගැසට් පත්‍රය නිකුත් කරන්නට පදනම් කරගත් කාරණයක් හෝ රගර් පරිපාලනය සමඟ සාකච්ඡා කර නැත.ඒ වෙනුවට ඔහු උත්සාහ දරා ඇත්තේ ආසියානු රගර් හා සබැඳි ශ්‍රී ලංකාවේ රගර් චරිතයත්,තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ඉහළ තනතුරක් දරන අයෙකුත්,අනුග්‍රහය අහිමි වූ ආයතනයේ උවමනාවත් පදනම් කරගෙන ශ්‍රී ලංකා රගර් අසාර්ථක වන ආකාරය ගැන සිහින මවන්නටය.නමුත් අනුග්‍රාහක අභියෝගය ජයගැනීමෙන් පසුව සිඳුව ඇත්තේ රගර් පරිපාලනයේ කටයුතු තාවකාලිකව තහනම් කිරිමය.

මේ තත්ත්වය අනුව දේශපාලන ඇඟිළි ගැසීම්වලින් ස්වාධිනව රටේ ක්‍රීඩා පරිපාලන තබා ගැනීමට අවශ්‍යය බව සිතන ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලන ඒකක මීට පෙර ද රාජපක්ෂ පාලන සමයක ජාතික ඔලිම්පික් කමිටුවට එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට අවවාද කර ඇත.එවැනි දේශපාලන ඇඟිළි ගැසීම්වලින් බාධා පමුණුවන ක්‍රීඩා පරිපාලන ඒකක තහනම් කර ඈත් කර තැබීම ඔවුන්ගේ ස්වභාවය වන්නේය.ඒ අනුව අප්‍රෙල් 20 වන දා ශ්‍රී ලංකාවට ආසියානු රගර් පරිපාලනය ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එය බොහෝ විට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ජාත්‍යන්තර නියෝජනය සම්බන්ධයෙන් තිරණාත්මක සාධකයක් බවට පත් විමට ඉඩ ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan