පාර්ටිගේට්: බොරිස් ජොන්සන් ට දඩ!

Date:

2020 – 2021 කාලය තුළ බ්‍රිතාන්‍යයේ කොවිඩ් වසංගතය මධ්‍යයේ රට අගුලු දැමීමට පනවා තිබූ නිතී උල්ලංඝනය කරමින් නො. 10 ඩවුනිං වීදියේ සාද පැවැත්වීමේ සිදුවීම හෙවත් පාර්ටිගේට් සිදුවීමට අදාළව එරට ආග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් මහතා වරදකරු වී තිබේ.

ඒ අනුව, බොරිස් ජොන්සන්, ඔහුගේ බිරිඳ කැරී ජොන්සන් සහ බ්‍රිතාන්‍ය චාන්සල්වරයකු වන රිෂී සුනාක්ට කොවිඩ් විධිවිධාන උල්ලංඝනය කිරීමේ වරදට දඩයන් පැනවීමට කටයුතු කර තිබේ.

බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් දියත් කළ විමර්ශනයකින් අනතුරුව මෙම දඩය පැනවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව නීතිය කඩකිරීමේ චෝදනාවට වරදකරු වන බ්‍රිතාන්‍යයේ පළමු අග්‍රාමාත්‍යවරයා බොරිස් ජොන්සන් ය.

පාර්ටිගේට් සිදුවීම බ්‍රිතාන්‍යය තුළ බරපතල ආන්දෝලනයක් ඇතිකළ අතර, එරට දේශපාලන පිටිය පවා උණුසුම් කළ මාතෘකාවක් බවට පත්විය.

එරට විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා මෙම සිදුවීම හමුවේ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට සිය බලවත් විරෝධය පෑ අතර, ඔහුට ඉල්ලා අස්වන ලෙස ද බලකර තිබිණි.

මෙම සිදුවීමට අදාළව බොහෝ රාජ්‍ය නිලධාරීන් ඉල්ලා අස්වීම පවා සිදුවූ අතර, එය බ්‍රිතාන්‍යයේ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමේ අවදානමක් පවා ඇති කිරීමට සමත් විය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...