නිලාර් එන්. කාසිම් යළිත් ACPOSL මුල් පුටුවට

Date:

ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) සමස්ත සාමාජිකත්වයේ ඒකමතික තීන්දුවෙන් එහි සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන් කාසිම් මහතා යළි පත්කර තිබේ. එහි අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් සරත් ද අල්විස්, සමන්ත පෙරේරා, භාතිය ජයකොඩි, රංග දසනායක, රාජ් තිල්ලෙයාන්පලම්, චින්තක ජයකොඩි, අමිත් ලියනගේ සහ නිසල් ගමගේ යන මහත්වරුන් පත් වී ඇත.

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය අරභයා ප්‍රබල මැදිහත් වීමක් කරන මෙම සංවිධානයේ සාමාජිකත්වය හොබවන්නේ සංගීතවේදීන්, ගේය පද රචකයන් හා සංගීත ප්‍රකාශකයන්ය. එහි වාර්ෂික මහා සභා රැස්වීම ඔක්තෝබර් 10 වනදා කොළඹදී පැවැත්වුණු අතර Acposl සමස්ත සාමාජිකත්වය විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව පත්කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යවල ගීත විකාශය කිරීමේදී සහ මහජනයා හමුවේ ගීත ඉදිරිපත් කිරීම්වලදී ගෙවිය යුතු කර්තෘ භාග ඒකරාශී කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ සාමූහික සංගමයකටය. ACPOSL එවන් සාමූහික සංගමයකි. ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට අනුව රටකට එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පැවතිය හැක්කේ එක් සාමූහික සංගමයක් වන අතර ඒ අනුව සංස්ථාපිත වූ මෙරට සාමූහික සංගමය වන්නේ ACPOSL පමණි. එහි කටයුතු බුද්ධිමය දේපල කාර්යාලය මගින් අධික්ෂණය කෙරේ. ඊට අමතරව මෙම සංගමය cisac හෙවත් සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත කර්තෘවරුන්ගේ සමාජවල ජාත්‍යන්තර සම්මේලනය සමඟ මෙන්ම WIPO හෙවත් ලෝක බුද්ධිමය දේපල සංවිධානය හා ගිවිසුම්ගතව එහි නිර්ණායක මත පදනම්ව කටයුතු කරයි.

මෙම සංවිධානයේ සභාපතිවරයා වශයෙන් මීට පෙර කටයුතු කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වූ ඩබ්ලිව්. බී. ගනේගල මහතා වන අතර මෙම සංගමය ආරම්භයේදී නායකත්වය දුන්නේ ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...