නැඟිඑන ආසියානු කණ්ඩායම් අතර තරගාවලියට නුවනිදුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ඒ පිවිසෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 15, (LNW) කොළඹ :

ඕමානයේ පැවත්වෙන ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වය නුවනිඳු ප්‍රනාන්දුට පවරා ඇත.මෙම තරගාවලියට ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව,බංගලාදේශය,ඇෆ්ගනිස්තානය සහ පකිස්තානයද ඒ කණ්ඩායම් යොමු කළත්,ඕමානය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,හොංකොං චයිනා වැනි රටවල්වලින් ඒ රටවල්වල ජාතික කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ වන ඔක්තේම්බර් 18 වන දා ශ්‍රී ලංකාව පළමු තරගයට සහඵාගි වන අතර ඔවුන්ට එරෙහිව තරග කරන්නේ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමයි.ශ්‍රී ලංකාව තරග වඳින කාණ්ඩායට ඇෆ්ගනිස්තාන ඒ,බංගලාදේශ ඒ සහ හොංකො චයිනා කණ්ඩායම් ඇතුළත් වෙනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නුවනිදුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ලහිරු උදාර,යශෝධ ලංකා,ලසිත් කෘස්පුල්ලේ,සහන් ආරච්චිගේ,පවන් රත්නායක,අහාන් වික්‍රමසිංහ,දිනුර කළුපහන,කවිඳු නදීශාන්, රමේෂ් මෙණ්ඩිස්,දුෂාන් හේමන්ත,නිමේෂ් විමුක්ති,නිපුන් රංසික,ඉසිත විජේසුන්දර සහ එෂාන් මාලිංග ඇතුළත්ව සිටිනවා.

තරගායලියේ කාල සටහනට පහතින් පිවිසට හැකියි.
https://bit.ly/4dHXaIZ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...