*
Wednesday, October 16, 2024
spot_img

Latest Posts

කෝඩු වෙල්ලාලගේ කොදෙව් පිිතිකරුවන්ට පාඩු කරයි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 16, (LNW) කොළඹ :

පළමු තරගයේ දී වේග පන්දුව ගැන තැබූ වැඩි විශ්වාසය පසෙක තැබූ ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දුව ගැන තැබූ විශ්වාසය ජයග්‍රාහී එකක් බවට පත් කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දඹුල්ලේ පැවති දෙවන විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකාවට ලකුණු 73 ක් ජයක් හිමි වුණා.පන්දුවට පහර දීම අපහසු තණතීරුවේ දඟ පන්දු යැවිමේ හපනුන් වන ශ්‍රී ලංකාවේ එම පන්දු යවන්නන්ගේ පෙරහැරේ කසකරු බවට පත් වුණේ දුනිත් වෙල්ලාලගේයි.ඔහු කෙදෙව් ප්‍රබල පිතිකරුවන්ට කරන ලද දැවන්ත පාඩුව ඉදිරියේ කොදෙව් ලකුණු පූවරුව ලකුණු 89 ට සිමා වුණා.

එක්දින ජාත්‍යන්තර පිටියේ ඉහළ දස්කම් දක්වා තිබුණු වෙල්ලාලගේ සිය පළමු විස්සයි විස්ස තරගයට පිවසෙමින් පන්දු ඕවර් 4 ලකුණු 9 ට කඩුලු 3 ක් ලබා ගනිමින් නිමා කරන්නට සමත් විය.ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 162 හඹා යන්නට කොදෙව්වන් ගත් උත්සාහයේ විශාලතම බාධකය වූයේ පළමු තරගයට වඩා ශක්තිමත් කර තිබුණු ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය වූ අතර චරිත් අසලංක ලකුණු 6 ට කඩුලු 2 ක් ද,මහේෂ් තීක්ෂණ ලකුණු 7 ට කඩුලු 2 ක් දවා ගත්තේය.ප්‍රහාරයකට ගොඳුරු වූ එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වූයේ වනිඳු හසරංග ය.ඔහු පන්දු ඕවර් ැ දී කඩුලු 2 ක් දවා ගන්නට ලකුණු 32 ක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන විට ද තණතීරුව පන්දු යවන්නන්ගේ ආධිපත්‍ය්‍යට නතුව තිබුණු අතර එයින් මතු වූ පීඩනය පාලනය කරමින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැතුම් නිශ්ශංක (54) සහ කුසල් මෙණ්ඩිස් එකතු කළ ලකුණු 77 ක සබඳතාවය ශ්‍රී ලංකාවට ලකුණු 162 ක් කරා යන්නට බෙහෙවින් බලපෑවේය.පිතිකරුවන්ට අපහසු තණතීරුවක ලකුණු 54 ක් ලබා ගත් පැතුම් නිශ්ශංක තරගයේ වීරයා බවට පත් වූයේ ද ඒ නිසාය.කුසල් පෙරේරා ලකුණු 24 ක් සහ කමිඳු මෙණ්ඩිස් ලකුණු 19 ක් ද ලබා දෙමින් තමන්ගේ කෙටි ඉණිම් තුළින් ශ්‍රී ලංකා ලකුණු පූවරුවට ලබා දුන් දායකත්වය ද සුළු එකක් නොවිණි.
විශේෂයෙන් කොදෙව් දඟ පන්දු යවන්නන්ට කඩුලු ලබා නොදෙමින් කුසල් මෙණ්ඩිස් සහ පැතුම් නිශ්ශංක දියත් කළ සැළසුම ඉණිම ලකුණු 162 ක් කරා ඔසවා තබන්නට බෙහෙවින්ම හේතු විය.ගුඩාකාස් මොටේ සිය පන්දු ඕවර් 4 ලකුණු 13 ට නිමා කළ අතර රොස්ටන් චේස් ලකුණු 24 ක් පමණක් ලබා දුන්නත් පරිස්සම් සහගතව කඩුලු දවා ගැනීමට ඔවුන්ට ඉඩ නොදෙමින් එම පන්දු වාර ගෙවා දැමීමට පැතුම් සහ කුසල් මෙණ්ඩිස් කළ මෙහෙයුම ඉණිමේ පසුභාගයට ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් විය.


මෙම තරගයට ද රට වටේම වැසි ගැන කතා කරන මොහොතක එම කාලගුණ තත්ත්වයන් ට වෙනස් වූ තැනෙක දඹුල්ල ක්‍රීඩාංගණය පිහිටා තිබීම නිසා මේ දක්වා කොදෙව් සංචාරයේ පළමු විස්සයි විස්ස තරග දෙකම පහසුවෙන් නිමා කරන්නට හැකි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් හී සැළසුම්වල දක්ෂතාවය පිළිඹිමු කරන්නකි.ඉදිරියේ දී ලෝක කුසලානයක් තනිව පැවත්වීමේ අදහසින් තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක අවශ්‍යයතාවය සිතමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් එම ඉදිකිරීම් සම්බන්ධයෙන් සිතන විට යාපනය සහ නුවරඑළිය ගැන ද අවධානය යොමු කරන්නේනම් එය ද වෙනස්ම දේශගුණික රටාවන් සමග මුසු වීමක් වනු ඇත.ඉන්දියාවේ සහ පකිස්තානයේ ද වෙනස්ම දේශගුණික රටාවන් සහිත පෙදෙස්වල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පිහිටා තිබෙන බව දකින්නට තිබෙන අතර ශ්‍රී ලංකාවේ ද එවැනි තත්ත්වයක් ස්ථාපිත කිරීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විවිධ දේශගුණික මට්ටම් සමඟ ක්‍රීඩා කර එම තත්ත්වයන්ට මුහුණ දිමට සිය සිරුරු හැඩ ගසා ගැනීමටද එය වැදගත් වනු ඇත.
දඹුල්ලේ පැවති ශ්‍රී ලංකාව අති විශිෂ්ඨ ජයක් ලැබු තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය. https://es.pn/3BM4qWW

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan