සජබේ ඉන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක්ද? දමිතා ප්‍රශ්න කරයි

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16 , කොළඹ (LNW):

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් , පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් දැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය විමසයි.

එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුවානම් පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඒ වෙනුවට තමන්ගේ නම ඇතුළත් කරන ලෙසට ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

“මට අහන්න තියෙන්නේ සමගි ජනබල වේගයේ ලියන්න බැරි, කතා කරන්න බැරි, කන් ඇහෙන්නේ නැති මිනිස්සු ද ඉන්නේ. සන්නිවේදනයේ ප්‍රශ්න තියෙන්න ඕනේ එහෙම නං නේ නේද? මේවා විහිළු. ඉතින් දැන් ඔය මහලේකම්තුමා කියනවා නේ සංනිවේදනයේ ප්‍රශ්නයක් කියලා. එහෙනම් ඉතින්  ජාතික ලැයිස්තුවෙන් ඔබතුමා අයින් වෙලා හරි මාව දාන්න.” ලෙස කියා සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිළිඳුකම තුරන් කිරීමට සමෘද්ධියෙන් අලුත් වැඩක් – සංචාරක කර්මාන්තයටත් අත්වැලක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තය හරහා ග්‍රාමීය ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල...

අර්ජුනාට වරෙන්තු!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර...

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...