සජබේ ඉන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක්ද? දමිතා ප්‍රශ්න කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16 , කොළඹ (LNW):

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් , පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් දැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය විමසයි.

එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුවානම් පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඒ වෙනුවට තමන්ගේ නම ඇතුළත් කරන ලෙසට ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

“මට අහන්න තියෙන්නේ සමගි ජනබල වේගයේ ලියන්න බැරි, කතා කරන්න බැරි, කන් ඇහෙන්නේ නැති මිනිස්සු ද ඉන්නේ. සන්නිවේදනයේ ප්‍රශ්න තියෙන්න ඕනේ එහෙම නං නේ නේද? මේවා විහිළු. ඉතින් දැන් ඔය මහලේකම්තුමා කියනවා නේ සංනිවේදනයේ ප්‍රශ්නයක් කියලා. එහෙනම් ඉතින්  ජාතික ලැයිස්තුවෙන් ඔබතුමා අයින් වෙලා හරි මාව දාන්න.” ලෙස කියා සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...