*
Thursday, October 17, 2024
spot_img

Latest Posts

ජන පීඩක IMF බදු සූත්‍රය වත්මන් රජය වෙනස් කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රට තුළ ක්‍රියාත්මක කර තිබෙන ජන පිඩක බදු සූත්‍රය සංශෝධනය කර ජනතා හිතෛෂී බදු සුත්‍රයකට මුල පිරිය යුතු බව සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

සමඟි ජන බලවේගය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ IMF එකත් සමග ඇති ජනපීඩිත ගිවිසුම IMF රාමුව තුළ සිට සංශෝධනය කරණ ප්‍රතිපත්ති මාලාවක් සමඟින් බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ අද (16) කොළඹ පදනම් ආයතනයේ දී බටහිර කොළඹ සංවිධායක අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ආසන ක්‍රියාකාරී හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා කියාසිටියේ IMF රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවයි.

එවැනි ගිවිසුමක් හරහා ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වන බවත් ඒ තුළින් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වය ඇති වන බැවින් වත්මන් රජය IMF එක සමග සාකච්ඡා ආරම්භ කර බදු බර ලිහිල් කරන නව ගිවිසුමකට යන තෙක් අපේක්ෂාවන් සිටින බවත් එවැනි වැඩසටහන්වලට සහාය ලබා දීමට ද සුදානම් බවත් හිටපු විපක්ෂ නායකයා සඳහන් කළේය.

42% කගේ කැමැත්තෙන් බිහිවු වත්මන් ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ බදුබර අඩු කරන ගමනකට යාම බවද ප්‍රේමදාස මහතා කියා සිටියේය.

බදු බර නිසා ජන ජීවිත කඩාකප්පල් වී ඇති බවත් මේ බදු නිසා රටක් ඉදිරියට යා නොහැකි බවත් බුද්ධි ගලනය වර්ධනය වී ඇති අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් රට අතහැර යන මේ මොහොතේ මේ දරාගත නොහැකි බදු සුත්‍රය සංශෝධනය කර සහන බදු සුත්‍රයකට මුල පිරිය යුතු බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

එමෙන්ම ආර්ථික යාන්ත්‍රණය අඩපණ වී ආර්ථික වර්ධනය කුඩා වී ඇති අප රට 2028 සිට නැවත ණය ගෙවීමට සිදුවන හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් එය ආර්ථික ස්ථාවරත්වයට වැදගත් බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී..

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan