පුද්ගලික ආරක්ෂාවට දී ඇති ගිනිඅවි ආපසු කැඳවීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පුද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර ඇති ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා විසිනි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය අරගල සමයේ සිය හෝටල්වලට අලාභ හානි සිදුකළ බවත් ඒ තුළින් තමන්ට විශාල පාඩුවක් සිදුවූ බවත් එවන් තත්වයක් තුළ බලපත්‍ර යටතේ නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස ඉකුත් 07 වනදා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් මෙම තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයෙකු වශයෙන් තමන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවත් ය.

මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළත් එයින් සහනයක් නොවූ බවත් පෙත්සම්කරු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන අදාළ නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ නිවේදනය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...