වාහන කිහිපයක් එකි නෙක ගැටී දක්ෂිණ අධිවේගයේ අනතුරක්!

0
863

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

අද (19) පස්වරුවේදී දක්ෂිණ අධිවේගයේ වාහන කිහිපයක් එකි නෙක ගැටී අනතතුරක් සිදුව තිබේ.

කුරුඳුගහ සහ වැලිපැන්න ප්‍රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ගාල්ල දෙස සිට කොළඹ බලා දිවෙන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.

අධිවේගී පොලීසිය පවසන්නේ, එක් වාහනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.තවද අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මේ වන විට අනතුරට පත් වාහන ඉවත් කර මාර්ගය වාහන ධාවනයට විවෘත කර ඇති බවද පොලීසිය පැවසීය.