*
Monday, October 21, 2024
spot_img

Latest Posts

පෙරළන බාල්දිවල අපි පැටලෙන්නෙත් නෑ. බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නෑ – පාස්කු විමර්ශනවලට බාධාකරන අයට වැඩ වරදින ලකුණු!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන විට මෙතෙක් කාලයක් කෝමා සිටි අය දැන් අවදි වී සිටින බවත් ඔවුන් පෙරළන බාල්දි වන ජාතික ජන බලවේගය පැටලෙන්නේ නැති බවත් බාල්දි පෙරළන අයටද ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) කටුනායකදී පවතී මහා මැතිවරණයේ ප්‍රචාරක රැළිය අමතමිනි.

ඒ අනුව පරීක්ෂණය විධිමත්ව ක්‍රියාත්මක වෙද්දී පරීක්ෂණය අඩපණ කිරීම සඳහා,වග උත්තරකරුවන් සැඟවීම සඳහා නැවත කුමන්ත්‍රණකරුවන් එළියට පැමිණ තිබෙන නමුත් ඔවුන්ට ඉඩ නොදෙන බවට තමන් ජනතාවට සහතිකයක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

රනිල් වික්‍රමසිංහටද වුවමනාව තිබුණේ මේ පරීක්ෂණ ඇත්ත දිශාවට යොමුකිරිම නොව පරීක්ෂණ යටපත් කිරීම වන අතර ඒ වුවමනාවෙන් වෙනුවෙන් ඇතැම් කමිටු නිර්මාණය කළ බවද දිසානායක මහතා සඳහන් කළේය.

”අපිට හම්බුණේ පොලිස්පතිවරයෙක් නැති පොලීසියක්. අපි ඉතාම වැදගත් මහත්මයෙක් පොලිස්පති හැටියට පත්කර තිබෙනවා. අපි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩකරන කොට ඉතාමත් කීර්තිමත් ඉතිහාසයක් තියෙන මහත්මයෙක් පත්කරල තියෙනවා. අපේ රටේ පරීක්ෂණ මෙහෙයවීම සඳහා අත්දැකීම් තියෙන අය නැවත බඳවා ගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මේ වැළලී ගිය පරීක්ෂණ විධිමත්ව ඉටුකිරීම සඳහා අවශ්‍ය ආයතන පද්ධතිය සක්‍රීය කරලා තිබෙනවා. දැන් කට්ටිය කලබල වෙලා තියෙනවා. 2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න පාස්කු ප්‍රහාරය මතුර මතුර ගිය අය,2019 ජාතිවාදය වපුරලා,කුරුණෑගල මහ රෝහලේ ගර්භාෂ යුද්ධයක් තියෙනවා කියල ජාතිවාදය වපුරපු අය අවුරුදු පහකට පස්සේ නැවත කෝමා තත්ත්වයෙන් අවදි වෙලා. දැන් අවදි වෙලා කියනවා අර වාර්තාව දෙන්න. මේ වාර්තාව දෙන්න. අවුරුදු පහක කෝමා. ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහ ගේ වාර්තා. එකක් රනිල් වික්‍රමසිංහ චැනල් 4 නාලිකාවේ ගිය වීඩියෝ එක ගැන සොයන්න කමිටුවක් පත් කළා. එය කිසිසේත්ම විමර්ශන කමිටුවක් නෙවෙයි. පත්කරලා වාර්තාවක් දීලා තිබෙනවා. දෙවෙනි එක පාස්කු ප්‍රහාරයේදී ආරක්ෂක අංශවලින් යම් වැරද්දක් සිදුවුණාද කියන්න විමසා බලන්න තව කමිටුවක් පත් කළා. ඒ දෙකම විමර්ශන කමිටු නෙවෙයි. ඒ කමිටු දෙක විසින් වාර්තා ලබාදී තිබෙනවා. ඒ වාර්තා ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයට. මම එනකොට හිටපු ජනාධිපති ලේකම්වරයාට කතා කරලා කිව්වේ ඒ වාර්තාවලට කුමක්ද සිදුවුණේ කියල. ඔවුන් මට කිව්වා එහි එක් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකරලා තියෙනවා.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකරලා තියෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකරලා තියෙනවා. අනිත් වර්තාව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකරලා තියෙනවා.නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකරල තියෙනවා. අගරදගුරු මණ්ඩලයේ ලේකම්තුමාට රදගුරු මණ්ඩලය වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා කියල. ඒ වාර්තා කිසිවක් රහස් වාර්තා නෙවෙයි. දැනටමත් අදාළ ආයතන වෙත යොමුකරලා තියෙන වාර්තා. හැබැයි අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා සමහර කමිටු හැදුවේ රනිල් වික්‍රමසිංහට වුවමනාව තිබුණේ මේ පරීක්ෂණ ඇත්ත දිශාවට යොමුකිරිම නෙවෙයි යටපත් කිරීම. ඒ වුවමනාවෙන් තමයි සමහර කමිටු නිර්මාණය කළේ. ඒ නිසා අපි බලය අරගෙන ඉතා කෙටි දවසකින් පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දුන්නා පාස්කු ප්‍රහාරය පිළිබඳව විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියල. අන්න එතකොට කෝමා වෙලා හිටපු අය අවදි වුණා. විධිමත් පරීක්ෂණයට බයයි. ඒක කඩාකප්පල් කරන්න ඕනේ. ඒකට අකුල් හෙළන්න ඕනේ. ඇත්ත දිශාව වෙනස්කරන්න ඕනේ. වෙන සමාජ මතයක් නිර්මාණය කරන්න ඕනේ. මෙන්න මේ කූට වුවමනාව වෙනුවෙන් කෝමා වෙලා හිටපු අය අවදි වෙලා ඉන්නවා. හොඳට තේරුම් ගන්න මේ පුද්ගලයාගේ මේ මැදිහත් වීම තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් හොයාගැනීමේ වුවමනාව නෙවෙයි මේ පුද්ගලයාගේ වුවමනාව තියෙන්නේ සැබෑ වරදකරුවන් සඟවන්න. ඒගොල්ලන්ගේ කුලී කොන්ත්‍රාත්තුවක් ඔය ඉටුකරන්නේ. ඒ නිසා අපි ඒවාට යටවෙන්නෙත් නැහැ. ඒවාට හිරවෙන්නෙත් නැහැ. පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණය ඉටුකරලා මේ රටේ ජනතාවට ඇත්ත හෙළිදරව් කරනවා. අපිට මොනවද හංගන්න තියෙන්නේ. අපිට කවුද බේරන්න තියෙන්නේ. හංගන්න ඉන්නේ ඒගොල්ලන්ට. බේරන්න ඉන්නේ ඒගොල්ලන්ට. 2015 රනිල් වැඩකළේ පෙරළන පෙරළන බාල්දිවලට පැටලී පැටලී.මතක තියාගන්න ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නෑ. බාල්දි පෙරළන අයට ඉඩදෙන්නෙත් නෑ. එහෙමයි රටක් පාලනය කරන්නේ. මේ පරීක්ෂණය විධිමත්ව ක්‍රියාත්මක වෙද්දී පරීක්ෂණය අඩපණ කිරීම සඳහා,වග උත්තරකරුවන් සැඟවීම සඳහා නැවත කුමන්ත්‍රණකරුවන් එළියට ඇවිල්ලා තිබෙනවා. ඔවුන්ට ඉඩ නොදෙන බවට මම ඔබට සහතිකයක් දෙනවා.” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan