උද්ධමනය අඩු වෙලා!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

2024 සැප්තැම්බර් මාසය සඳහා, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය අද (21) දින ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 සැප්තැම්බර් මාසය සඳහා -0.2% ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වී තිබුණි.

2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5% ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.

තවද, 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වී ඇත.

මේ පිලිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා මේ සමග අමුණා ඇති මාධ්‍ය නිවේදන සහ දළ විශ්ලේෂණ වාර්තා තුළින් අවබෝධ කර ගත හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...