“ඔබ මගේ රජු නොවේ” චාල්ස් රජුට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවෙන් නොසිතු ප්‍රතිචාරයක් (video)

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ තුන්වන චාල්ස් රජුගේ පළමු ඔස්ට්‍රේලියානු සංචාරයේදී ම නොසිතු ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එනම,අද (21)දිනයේදී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්දිරයේ දී චල්ස් රජුගේ දේශනය අවසන් කිරීමෙන් පසු ස්වාධීන සෙනෙට් සභිකයෙකුවන ආදිවාසී කාන්තාවක් වන ලිඩියා තෝර්ප් විසින් ප්‍රසිද්ධියේ “ඔබ මගේ රජු නොවේ” යනුවෙන් කෑ ගසමින් උත්සව සභාවට බාධා කළ බව වාර්තා වේ.

මෙහිදී ආදිවාසී කාන්තාවක් වන ලිඩියා තෝර්ප් සිය ජනතාවට එරෙහිව සිදු වූ ජන සංහාරය පිළිබඳ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව චාල්ස් රජු එම දේශයේ පුරවැසියකු නොවන බව කියමින් සිය විරෝධය ප්‍රකාශ කළ අතර ආරක්ෂකයින් විසින් ඇයව පිටත් කර හරින ලදී.

සිද්ධිය පිළිබඳ කිසිදු සඳහනක් නොමැතිව උත්සවය අවසන් වූ අතර කිසිදු පාර්ශවයක් මේ පිළිබඳව සඳහන් කර නොමැත.

කෙසේ නමුත්, ඔස්ට්‍රේලියාව පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් වන අතර එහිදී රජු එහි රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන නමුත් රජතුමා එම භූමිකාවෙන් ඉවත් කිරීම පිළිබඳව මෑතකදී විවාදයක් ඇති විය. ඒ වෙනුවෙන් ජනමත විචාරණයකදී ප්‍රශ්නය මහජනයා වෙත ඉදිරිපත් කරන ලද අතර එය ප්‍රබල ලෙස පරාජයට පත් විය.

විරෝධතාව නොතකා, තවත් බොහෝ දෙනෙක් රාජකීයයන් දැකීමෙන් සතුටට පත් වූ අතර පැමිණ සිටි බොහෝදෙනා රාජකීයන්ට සුභ පැතුම් එක්කල අතර රාජකීය පවුල ඕස්ට්‍රේලියානු සංස්කෘතියේ කොටසක් වශයෙනුයි ඔවුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...