ශ්‍රී ලංකාවට IMF වෙතින් අඛණ්ඩ සහය!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැගීම සදහා තම පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසයි.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා ශ්‍රී ලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර පැවති විශේෂ හමුවකදීයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව සදහා ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් පිරිසක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර බලා පිටත්ව ගිය අතර සමුළුව අතරතුරදී මෙම විශේෂ හමුව සිදුව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව අත්කරගත් දුෂ්කර ජයග්‍රහණයන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකරගෙන යාමට බලධාරීන්ගේ ඇති කැපවීම අගය කරන බවයි ජෝර්ජීවා මහත්මිය පවසා ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...