*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

අකලංකට ඉකුත් වසරේ අහිමි කළ කුසලානය මෙවර දීමට සිඳු වෙයි

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 23, (LNW) කොළඹ :සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නිමාවට පත් විය.බොහෝ ආශ්චර්යන් සිඳු නොවුණ ද,මේ දක්වා හඳුනාගෙන සිටි දක්ෂතා ඉහළ පහළ යාමක් දකින්නට ලැබිණි.විශේෂයෙන්ම හඳුනාගෙන සිටි දක්ෂයන් අභිබවා වෙනත් දක්ෂයන් මතු විම ද කැපී පෙණින.ඒ අතර අප නිතර සිහිපත් කරන මෙරොන් විජේසිංහ තරමටම,සැළකිල්ලෙන් බලා ගන්න කියන දිනෙත් වීරරත්න මෙරෝන් අභිබවා තමන්ගේ වටිනාකම පෙන්වීම ද මේ උළෙලේ දි දැක ගන්නට ලැබිණ.

වඩාත් වැදගත් සිදුවීමක් වූයේ ඉකුත් වසරේ අපූරු සිද්ධාන්ත නිර්මාණය කරමින් වයස් කාණ්ඩ මත වෙනස්කම් කර නැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ කඩුල්ලක උස වයස අනුව තීරණය කර දක්ෂතම ක්‍රීඩකයා වීමට සිටි ක්‍රීඩකයාට අහිමි කළ සූරතාවය මෙවර ඔහු විසින් දිනා ගැනීමය.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් ගුණවර්ධනම පැහැදිළි ලෙස කීවේ වයස් සීමා අනුව ශරීර වර්ධනය අනුව වීසි කිරීමේ උපකරණවල බර සහ කඩුලු ඉසව්වවල කඩුල්ලේ උස තීරණය කර තිබෙන බවය.

වයස් සීමා අනුව සිඳු කර තිබෙන හම බර සහ උස වෙනස තිබෙන අයට අසාධාරණයක් වන ලෙස කුමන වයසක සිටියත් ඉහළම බර සහ උස නැතිව ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ ලකුණු හිමි නොවන බව ඒත්තු ගැන්වෙන තර්කයකින් කිසිවෙකුගේ හෝ උවමනාවකට අනුව අයෝමාල් අකලංකට මීටර් 400 කඩුලු ඉසව්ව වෙනුවෙන් හිමි විය යුතුව තිබී, අහිමි කළ එම අති සූර ක්‍රීඩක කිරුළ මෙවර ඔහු අපහසුවකින් තොරව දිනා ගත්තේ රබර් බෝල යට ගසා අල්ලා සිටීමෙන් පලක් නැති බව ඒත්තු ගන්වමින්ය.
අකලංක ඉසව්ව ජයගත්තේ මෙවර තත්පර 51.16 ක් වන නව කණිෂ්ඨ ජාතික වාර්තාවකද සමඟින්ය.මේ වන විට ආසියාව ද ඉක්මවා රටට පදක්කම් දිනා දි ඇති අයෝමාල් වැනි ක්‍රීඩකයෙක් ක්‍රීඩාවෙන් මන්දෝත්සාහී කර ඉවත් වුව ද,කම් නැති,තමන්ට අවශ්‍යය පරිදි දක්ෂතම ක්‍රීඩකයා දිය යුතු බව සිතන පිරිසක් මලල ක්‍රීඩාවේ අනාගතය ගැන තීරණය කිරීම භයානක තත්ත්වයකි.උස පැනීමට අඳින කෙටි ඇඳුමක් ඇඳගෙන පිටියට බසින්නට පැමිණි විට ඊට බාධා කළ අතර ඇය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් නියෝජනය කළ ක්‍රීඩිකාවකි.එහෙත් මේ වන විට මලල ක්‍රීඩා පිටියේ නැත.

ඇතැම් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව කරන්නේ විශාල මානසික සහනයක්ද අපේක්ෂාවෙන්ය.ජයග්‍රහණය කරා යන්නේම එම සහනය අපේක්ෂාවෙන් කරන දැඩි බැදීම් නිසාය.එවැනි මානසික තත්ත්වයක සිටින අයෙක් සමහර විට තමන් තුළ තිබෙන පීඩනය මුදා ගන්නේම විලාසිතාවලින් වීමට හැකිය.ලංකාවේ අධ්‍යාපනයේ සිටින ඇතැම් ගුරුවරු ළමා මනෝ විශේෂඥයෙකුට වුව ළමා මනස ගැන ඉගැන්විය හැකි බව සිතා උපදෙස් බවට මට අත්දැකීම්ම ඇත.ඒ නිසා ගුරුකම්ත් සමග ඉගැන්වීම මිස ඉගෙනීමක් නැති අය බවට පත් වන ලංකාවේ බොහෝ ගුරුවරු තමන්ට වගකීමක් ලැබුණු විට සියල්ලගේම ස්ර් මිස් ලෙස හැසිරෙන අණ දෙන,තමන්ගේ සිතැඟි පරිදි බලපෑම් එල්ල කරන අය වෙන අවස්ථා බොහෝමය. කවුරුන් හෝ ඉහළ නිලධාරියෙක්ට හෝ අධ්‍යාපනය භාර දේශපාලන බලධාරියෙක්ට මේ තත්ත්වය තේරෙන්නේනම් ක්‍රීඩා කරන්න උගන්නන අයට දරුවන්ගේ මනස ගැන තේරුම් ගන්න ක්‍රීඩකයෙකුගේ මනසට ඔහුගේ විලාසිතා නිසා ලැබෙන සැහැල්ලුව සහ විශ්වාසය විද්‍යාත්මකව ඉගැන්වීම වැදගත් වනු ඇත.


මේ සැහැල්ලුව වයසත් සමග අහිමිවීමේ තත්ත්වය සහ විභාග බලපෑම ද එකට මුසුව පෙනෙන තත්ත්වයක් ලෙස අවුරුදු 20 න් පහළ වන විට ඉසව්වල තරගකාරීත්වය සහ ඉදිරිපත් විම අඩු වීම දැකිය හැකිය.ඒ රටේ පාසල ක්‍රීඩාව සංස්කෘතිමය වශයෙන් සමාජය තුළ තැන්පත් කරන්නට අපොහොසත් විම නිසා නොවේද?
ක්‍රීඩාව දඟ ගෙයක් නොවන සිරුරට සහ මනසට නිරෝගි සැහැල්ලුව එක් කරන එකකි.ඊට අදාළ විනය වන්නේ එම ඉසව්වට අදාළව තිබෙන නීතිමය තත්ත්වයන්ට අවනතව,කලහකාරි ලෙස හෝ ප්‍රචණ්ඩව නොහැසිරී සිටිම මෙන්ම අසමාන වාසි ලබා ගන්නට උත්සාහ නොකරීමය.මේ දේවල් සිඳු නොවන තෙක් ක්‍රීඩාවට ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් යොමු විමට ඇති ආශාව වෙනුවට ඇති කරන්නේ බලපෑමක් සහ බලහත්කාරයක්ය.
ඉකුත් වසරේ උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වූ තරුශි කරුණාරත්න මේ වන විට ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන යම් කිසි මට්ටමකින් වෘත්තිමය මලල ක්‍රීඩා ජිවිතයකට පිවිස සිටින ක්‍රීඩිකාවකි.මේ උළෙල ලංකාවේ ක්‍රීඩාවට වැදගත් වන්නේ ඇයිද යන්න විමසා බැලීමේ දී වඩාත් වටිනා උදාහරණයක් ලෙස ඔලිම්පික් වරම් දිනූ,ආසියාව ජයගත් තරුශිම පෙන්නීම සෑහේය.ඒ නිසා අධ්‍යාපනය සමඟ පාසල තුළ රටේ අනාගතයට නිරෝගිමත්,ජවසම්පන්න සහ ශක්තිසම්පන්න ක්‍රීඩකයින් නිර්මාණය කර ගැනිම සඳහා අධ්‍යාපනය මට්ටමටම ක්‍රීඩාව ද පාසල තුළ තිබීම වැදගත්ය.නිශ්චිත විෂය ක්‍රියාකාරකම් මෙන්ම,ක්‍රීඩාව,කලාව,සාහිත්‍යය පිරුණු ආනන්දනීය සහ ප්‍රඥාවන්ත මිනිසෙකු ලෙස කිසිවෙකුගේ අණකට තමන්ගේ ජීවිතයේ හැඩතල සංශෝධනය කර ගන්නා පුරවැසියන් පාසල තුළින් නිර්මාණය කිරිම ගැන වත්මන් අග්‍රාමාත්‍යවරියම ක්‍රිඩා අමාත්‍යවරිය ලෙස අරුත් ගැන්විය යුතුය.

තමන්ගේ වෘත්තියට අදාළ සහ පහසුකම් සහිත ඇඳුම වෙනුවට ඒ වෙනුවෙන් සටන් කරන මිනිසුන්ද පහත හෙලා සාරිය,ඔසරිය සහ කළිසම සහ කමිසය තෝරා ගන්නා,අඩුම තරමේ ටී ෂර්ට් එකක් හෝ ඇදීම ගුරුකම හෑල්ලු කිරීමක් සේ සිතන ක්‍රීඩා ගුරුවරුන් බහුල රටක ක්‍රීඩාවේ පොළව සැකසීම වැනි කාරණා පහසු නැත.අපි එය දනිමු.එහෙත් මෙවැනි සංශෝධන කොතැනින් හෝ ඇරඹිය යුතුය.හැමදාම සේ අපේ යෝජනාව තවමත් මේ සංශෝධන සඳහා ජාතිකමය වශයෙන් මැදිහත් විය හැකි ප්‍රතිපත්ති ගෙනවිත් අධ්‍යාපනය තුළ සිසු සහ ගුරු ජිවිත සැහැල්ලු සහ නිර්මාණශීලී දිසාවකට පහසුවෙන් තල්ලු විය හැකි මාර්ගයක් තනා දීමය.
මෙවර තරුශිගේ තැන ගත්තේ මොණරාගල නන්නන්පුරාව මහා විද්‍යාලය නියෝජනය කළ මධුශානි හේරත්ය.ඇය ද දුර පැනීමෙන් මේ වන විට රටට ජාත්‍යන්තර මට්ටමෙන් පවා ඇගයීම් ලබා දී ඇති ක්‍රීඩිකාවක්ය.ඇය දුර පැනීමේදී අවුරුදු 20 න් පහළ ඉසව්ව ජය ගත්තේ මීටර් 6.19 ක දක්ෂතාවයක් දක්වමින්ය.
ක්‍රීඩා උළෙලේ නව වාර්තාලාභීන් ඇගයෙන අතරේම ජාතික මට්ටමෙන් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතයට අදාළ දුර මැන බැලීමට ඔවුන් දැක් වූ දක්ෂතා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ කුමන තැනක් ගන්නේද යන්න සෙවීමත් වැදගත්ය.ඇතැම් ඉසව්වල තත්ත්වය ලංකාවේ එම ඉසව් පවතින පසුගාමි තත්ත්වය නිසා සහ ඒවාට ලැබෙන සැළකිළි සහ පහසුකම්වලට සාපේක්ෂවද පහළ මට්ටමක පවතින බව ඇත්තක්ය.ඒ අනුව එම ඉසව්වවල වාර්තා අලුත් වීමේ ප්‍රවනතාවය වැඩි වුව සමහර විට එම දක්ෂතා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ වැඩි ලකුණු හිමිවන දක්ෂතා නොවිය හැකිය.එහෙත් ඔවුන් එම ඉසව්ව ඉදිරියට රට තුළ තල්ලු කිරිමට දක්වන දායකත්වය සුළු කොට තැකිය නොහැකිය.


පහතින් දැක්වෙන්නේ මෙවර ක්‍රිඩා උළෙලේ අලුත් වූ වාර්තාවන්ය.
පිරිමි වාර්තා – 17
1 මීටර් 60 අවුරුදු 14 න් පහළ 7.39 තත්. ආර්.ඒ.දුල්නෙත් නෙත්මික මාරිස් ස්ටෙලා විද්‍යාලය – මීගමුව
2 මීටර් 100 අවුරුදු 14 න් පහළ 11.82 තත්. අශේන් තෙවරප්පෙරුම ගේට්වේ විද්‍යාලය – කොළඹ
3 උස පැනීම අවුරුදු 14 න් පහළ 1.76 M අශේන් තෙවරප්පෙරුම ගේට්වේ විද්‍යාලය – කොළඹ
4 දුර පැනීම අවුරුදු 14 න් පහළ 6.23 M අශේන් තෙවරප්පෙරුම ගේට්වේ විද්‍යාලය – කොළඹ .
5 800M අවුරුදු 16 න් පහළ 1:58.62 ජීඩීඑල් අචින්ත ශාන්ත ඇලෝසියස් විද්‍යාලය රත්නපුර
6 300M කඩුලු අවුරුදු 16 න් පහළ 38.53 තත් පී.එස්.එදිරිසිංහ ආරච්චි ගේට්වේ විද්‍යාලය
7 4X100M අවුරුදු 16 න් පහළ 43.72 තත්. මාරිස්ටෙලා විද්‍යාලය – තිබිරිගස්කටුව
8 4X400M අවුරුදු 16 න් පහළ 3:25.53 ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය
9 මීටර් 200 අවුරුදු 18 න් පහළ 21.42 තත්. විමංසා රාජකරුණා ශාන්ත ජෝෂප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව
10 400M අවුරුදු 18 න් පහළ 46.85 තත් ඔමෙල් ශෂින්ත ශාන්ත සෙබස්තියන් විද්‍යාලය – කදාන
11 800M අවුරුදු 18 න් පහළ 1:52.00 H D ශවිඳු අවිශ්ක ධම්මිස්සර ජාතික පාසල නාත්තණ්ඩිය
12 3000M අවුරුදු 18 න් පහළ 9:11.69 G.L.N.D.ලියනගේ වීර කැප්පෙටිපොල ජාතික පාසල
13 යගුලිය දැමීම අවුරුදු 18 න් පහළ 17.15 M H.U ජයසිංහ ශාන්ත ජෝෂප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව
14 උස පැනීම අවුරුදු 18 න් පහළ 2.09 M A.T.D.මෙන්ඩිස් ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල
15 4X400M අවුරුදු 18 න් පහළ 3:19.94 ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර
16 400M කඩුලු අවුරුදු 20 න් පහළ 51.16 තත් අයෝමල් අකලංක අඹගමුව මධ්‍යමහා විද්‍යාලය
17 4X100M අවුරුදු 20 න් පහළ තත් 41.28 ආනන්ද විද්‍යාලය – කොළඹ .
බාලිකා වාර්තා – 14
1 60M අවුරුදු 14 න් පහළ 8.13 මනුති පී.වෑකඩපොල ආවේ මරියා කන්‍යාරාමය – මීගමුව
2 මීටර් 100 අවුරුදු 16 න් පහළ 12.45 තත්. තරණි නිර්මාණ හෝලි ක්‍රොස් විද්‍යාලය – ගම්පහ
3 මීටර් 200 අවුරුදු 16 න් පහළ G 25.41 තත්. තරණි නිර්මාණ හෝලි ක්‍රොස් විද්‍යාලය – ගම්පහ
4 දුර පැනීම අවුරුදු 16 න් පහළ G 5.94 M P.R.A.D.N.රාජපක්ෂ ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල
5 4x100M අවුරුදු 16 න් පහළ තත්පර 49.94 හෝලි ක්‍රොස් විද්‍යාලය – ගම්පහ
6 මීටර් 100 අවුරුදු 18 න් පහළ 12.19 තත්. L ධනංජන සෙව්මිණි ප්‍රනාන්දු ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල
7 800M අවුරුදු 18 න් පහළ 2:11.00 තරුෂි අභිෂේකා වික්‍රමබාහු ජාතික පාසල ගම්පොල
8 1500M අවුරුදු 18 න් පහළ 4:29.97 තරුෂි අභිෂේකා වික්‍රමබාහු ජාතික පාසල, ගම්පොල
9 3000M අවුරුදු 18 න් පහළ 10:14.70 තරුෂි අභිෂේකා වික්‍රමබාහු N.L C, ගම්පොල
10 තුන් පිම්ම අවුරුදු 18 න් පහළ 12.ඩිල්කි නෙහාරා ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය පානදුර
11 4X100M අවුරුදු 18 න් පහළ 49.03 තත්පර ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල
12 4X400M අවුරුදු 18 න් පහළ 3:57.79 අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය
13 4X100M අවුරුදු 20 න් පහළ තත්පර 48.21 ගේට්වේ විද්‍යාලය – කොළඹ
14 4X400M අවුරුදු 20 න් පහළ 3:53.35 ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල

පහතින් දැක්වෙන්නේ තරගාවලියේ විශේස ඇගයීම් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණය ය.
01. අවුරුදු 14න් පහළ බාලක දක්ෂතම මලල ක්‍රීඩිකාව • ආර් කේ ඒ බුවිඳු හංසන, දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය (යගුලිය දැමීම – මීටර් 14.86, ලකුණු 486)
02. අවුරුදු 14න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව • මනුකි පී වෙකඩපොළ, ආවේ මරියා කණ්‍යාරාමය (මීටර් 60 – 8.15 ලකුණු 364)
03. වයස අවුරුදු 16න් පහළ බාලක දක්ෂතම මලල ක්‍රීඩකයා • ජී එන් වී තේජ බණ්ඩාර, ශ්‍රීමත් ජෝන් කොතලාවල සී සී – කුරුණෑගල (දුර පැනීම – මීටර් 6.82, ලකුණු 884)
04. වයස අවුරුදු 16න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව • පී ආර් ඒ ඩී එන් රාජපක්ෂ, ලයිසියම් ජාත්‍යන්තර පාසල් 5.94 m, නව තරග වාර්තාව, ලකුණු 988)
05. අවුරුදු 18න් පහළ බාලක දක්ෂතම මලල ක්‍රීඩිකාව • A A D යෞවන මලීෂ මැසනඩ් විද්‍යාලය – කඳාන (මීටර් 110 කඩුලු – 13.92 තත්, 1081 තත්ත්පර, 1081)
06. අවුරුදු 18න් පහළ බාලිකා දක්ෂතම මලල ක්‍රීඩිකාව, තරුහි අභිෂේකා වික්‍රමබාහු ජාතික විද්‍යාලය , ගම්පොළ (මීටර් 1500 – මිනිත්තු 4:29.97, නව තරග වාර්තාව, ලකුණු 977)
07. අවුරුදු 20න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයා • කේ එල් අයෝමාල් අකලංක, අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය (මීටර් 400 කඩුලූ – තත්ත්පර 51.16 න් පහළ, නව තරග වාර්තාවකි 1073.
08.දක්ෂතම මලල ක්‍රීඩිකාව • එච් ඒ එන් එම් හේරත්, නන්නපුරව මහා විද්‍යාලය (දුර පැනීම – මීටර් 6.19, ලකුණු 1040)

මලල ක්‍රීඩා ශූරතා බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව
• එච් ඒ එන් එම් හේරත්, නන්නපුරව මහා විද්‍යාලය (දුර පැනීම – මීටර් 6.19, ලකුණු 1040)
මලල ක්‍රීඩා ශූරතාව බාලක දක්ෂතම ක්‍රීඩකයා
• කේ එල් අයෝමාල් අකලංක, අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය (මීටර් 400 කඩුලු පැනීම – තත්ත්පර 51.16,නව කණිෂ්ඨ වාර්තාව,ලකුණු 1073)

මෙවර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ සූරයින් වන්නට මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය සමත් වූ අතර බාලිකා සූරතාවය හිමි වුණේ වත්තල ලයිිසියම් ජාත්‍යන්තර පාසලටය.
මලල ක්‍රීඩා සමස්ත බාලක ශූරයන්
දෙවන අනුශූරතාවය
• ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව (ලකුණු 64)
• රාහුල විද්‍යාලය – මාතර (ලකුණු 64)
අනුශූරතාවය
• ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය – වත්තල (ලකුණු 71)
ශූරතාවය
• මාරිස් ස්ටෙලා විද්‍යාලය – මීගමුව (ලකුණු 105)
දෙවන අනුශූරතාවය
• ගේට්වේ විද්‍යාලය – කොළඹ (ලකුණු 68)
අනුශූරතාවය
. ශූරතාවය
• ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය – වත්තල (ලකුණු 188

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan