ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීමට එක්සත් ජාතීන්ගේ සහය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23,කොළඹ (LNW):

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවූ අතර , එහිදී ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීමේ වැඩපිළිවෙලට සහ ඩිජිටල්කරණ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහය ලබා දුන් බව පැවසේ.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද Marc-Andre Franche මහතා පවසා ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස්, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ පැට්‍රික් මැක් කාර්ති සහ නෙත්මිණි මැදවල යන මහත්ම මහත්මීන් එක්ව සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...