ගම්මන්පිල හදන්නේ සලේලා බේරන්න.ඔය දේශපාලන අනාථයාගේ බෝල්වලට බැට් කරන්න එපා – චමීර පෙරේරා

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශන කිරීමට ඉඩ දිය යුතු මොහොතේ ගෝඨාභය රාජපක්ෂ සමඟ නිදි වැද දැන් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර විසින් මෙහෙයවන විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් උදය ගම්මන්පිල හැසිරෙමින් සිටින බව වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

ගම්මන්පිල යනු මේ මොහොතේ දේශපාලන කුණු කූඩයට වැටුණු දේශපාලන අනාථයෙක් වන හෙයින් එවැනි දේශපාලන අනාථයින්ගේ බොලවලට බැට් නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවයෝ චමීර පෙරේරා මහතා කියාසිටියේ.

 ”ගම්මන්පිල කියන්නේ කුණු කූඩෙට වැටිච්ච කෙනෙක්. ගම්මන්පිල කරන්නේ කොන්ත්‍රාත් එකක්. ආණ්ඩුවට කියනවා ගම්මන්පිල කියන දේශපාලන අනාතයාගේ බෝලවලට බැට් කරන්න එපා. මේ සටනෙදී ගම්මන්පිල කළේ ගෝඨාභය  එක්ක නිදි වැදපු එක. සුරේෂ්  සලේලා බේරන්න කරන වැඩක් මේ.
ගම්මන්පිල දාලා මේක අවුල් කරන්න හදන්නේ රවී ශානිව ඉවත්කරන්න. මෙයාලට තියෙන අභියෝගය තමයි ශානි සහ රවී. ශානිට සහ රවීට මෙයාලා බයයි. මේක කරන්න පුලුවන් හොදම දෙන්නා රවී සහ ශානී. මේ පැළැන්තිය බේරගන්න  ගම්මන්පිල බෙල්ල දුන්නා. ශානිලා රවීලා අබුහින්ද් ගැන හොයමින් ඉන්නේ. මෙයාලා ඔක්කොටම කාදිනල් හිමි සමග ඇරියස් එකක් තියෙනවා.කාදිනල් හිමියන් නිර්භයව මේකට ඉදිරිපත් නොවුන නම් පාස්කු ප්‍රහාරය වැලි තලාවේ යට වෙන්න තිබුණා. උන්වහන්සේ නොබියව මේකට මුහුණ දුන්නා. මේ සට්ටැබියන්ට ජනතාව උත්තර දුන්නා. කාදිනල් හිමියන් තමයි මේකේ වීරයා. සියලුම දෙනා උන්වහන්සේ කළ භූමිකාවට වීරයෙක් ලෙස සලකන එක ජනතාව කරනවා.”
යනුවෙන් චමීර පෙරේරා මහතා තවදුරටත්  පැවසුවේය.

අද (23) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළකරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...