වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී, එල්ලංගා වාරි පද්ධති පිළිබඳ කටයුතු කරන වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි ප්‍රසාදජනක අවධානයක් යොමු කරමින් කතා කර ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරන වනාන්තර තුළ කුළු වැව් ඉදිකිරීම, අලි මිනිස් ගැටුමට සාර්ථක පිළිතුරක් බවයි එහිදී පෙන්වා දී ඇත්තේ.

දුප්පත්කම යනු මුදල් නොමැතිකම පමණක් නොව අපේම මිනිසුන් කොට්ඨාසයක්, සමාජය තුළ කොන්වීම බවත්, කෘෂි හා වාරි අමාත්‍යංශ තුළ කමිටු මට්ටමින් නිලධාරීන් සකස් වෙමින්, දැනුම හා අධික්ෂණ කටයුතු බෙදාගනිමින්, ජාතික ඉලක්ක සදහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇති බවද සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති,ලංකාවේ පමණක් දක්නට ලැබෙන මෙරටටම ආවේණික,ඉපැරණි වාරි ජල කළමනාකරණ ක්‍රමයක් වන එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය කර,වියළි කලාපයේ ගොවි ජනතාවට දේශගුණික විපර්යාසයන්ට මුහුණ දිය හැකිවන අන්දමට එල්ලංගා වැව් පද්ධතිය සකස් කර ජල කළමනාකරණය ඇති කිරීම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණකි.

ඒ අනුව මල්වතු ඔය,මී ඔය හා යාන් ඔය ගංගා ද්‍රෝණි ආශ්‍රිත උතුර,උතුරු මැද හා වයඹ පළාත්වල දිස්ත්‍රික්ක හතක එල්ලංගා පද්ධති විසි දෙකක් කේන්ද්‍ර කර ගනිමින් වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...