ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදීම අවසාන හතරට සුදුසුකම් ලබයි!

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 24,(LNW) කොළඹ :

ආසියානු සූරතාවය රැක ගැනීමේ අදිටනින් ආසියානු නෙට්බෝල් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම, සිය අපරාජිත බව තව දුරටත් රැක ගනිමින් ලකුණු 72-40 ට මැලේසියාව පරාජය කරන්නට සමත් වුණා.මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට මාල දිවයිනට එරෙහි තරගය ඉතිරිව තිබියදී ම අවසාන කණ්ඩායම් හතර අතරට ඒමට හැකි වුණා.
ශ්‍රී ලංකාවට ප්‍රති විරුද්ධ අන්තයෙන් මේ ආකාරයටම අපරාජිත බව රැකගෙන සිංගප්පූරුවද අවසාන පූර්ව වටයට පිවිස තිබෙන අතර තරගාවලිය ගලා යන ආකාරය අනුව මෙවරත් බොහෝ විට අවසාන තරගය ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර විය හැකි බවක් පෙනෙන්නට තිබෙනවා.

මැලේසියානු තරගය නැරඹිමට පැමිණ ශ්‍රී ලංකාව දිරි ගැන් වූ පිරිස අතර සිහ ධජ රැගත් බෘනායි ජාතිකයන්ද සිටි අතර මේ වන විට ශ්‍රී ලංකාව සතුව තිබෙන ආසියානු කුසලානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මඟ පෙන් වූ පුහුණුකාරිය වූ,වර්ථමානයේ බෘනායි පුහුණුකාරිය වූ තිලකා ජිනදාස ද ඒ අතර සිටිනු දකින්නට ලැබුණා.එවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දිම සදහා තිලකාගේ පුහුණුකාරීත්වය සමඟ කණ්ඩායමේ සිටි බොහෝ ක්‍රීඩිකාවන් මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටිනවා.


ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගයේ දී මැලේසියාව යම් තර්ජනයක් හ්‍රී ලංකාවට එල්ල කරන්නට සමත් වුණේ තෙවන කාර්තුවේදී පමණයි.එහෙත් එම කාර්තුවේදී ද ශ්‍රී ලංකාව ලකුණු 16-13 ක් ලෙස ඉදිරියෙන් සිටින්නට සමත් වුණා.පළමු සහ දෙවන කාර්තු දෙකේදීම මැලේසියාව ලකුණු 11 බැඟීන් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව පිළිවෙලින් ලකුණු 18 ක් සහ 22 ක් ලෙස ලබා ගත්තා.සිව්වන කාර්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම මදක් මන්දගාමී වුව ද,මැලේසියාවට එරෙහිව ආරක්ෂක රැකවරණ දැඩි කරමින් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීම ලකුණු 5 ට සීමා කළා.ශ්‍රී ලංකාව එම වටයේ ලකුණු 16 ක් ලබා ගන්නට සමත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...