ශ්‍රී ලංකාවේ හිටපු ජපාන තානාපති මිසුකොෂි හිදෙකිගෙන් සහතිකයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

ජපානයේ සහය නොපිරිහෙලා නව රජය වෙත ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන තානාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසන්නේ, නව රජය සමග ශක්තිමත් සබඳතාවක් දැනටමත් ගොඩනගා ගෙන තිබෙන බවයි.

ඒ මහතා සඳහන් කරන්නේ, අනුර කුමාර දිසානායක මහතාගේ නව රජයට සහයෝගය දීමට ජපානය සෑම විටම සූදානමෙන් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා මේ බව සඳහන් ක‍ළේ, වසර තුනක සේවය නිම කර ජපානයට පිටත්ව යාමට පෙර පැවති සමුගැනීමේ සාදය අමතමිනුයි.

මිසුකොෂි හිදෙකි මහතා වැඩිදුරටත් පැවසුවේ,

“මම ශ්‍රී ලංකාවේ ආණ්ඩු තුනක් යටතේ සේවය කළා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හා අනුර කුමාර දිසානායක ආණ්ඩුව සමග. මේ එක් එක් රජයන්ට විවිධ න්‍යාය පත්‍ර සහ විවිධ ප්‍රතිපත්ති තිබුණා. නමුත් මම සෑම රජයකම විශිෂ්ට හවුල්කරුවන් සොයාගෙන සහයෝගයෙන් කටයුතු කළා.ඔවුන් සමඟ හැකි උපරිම ආකාරයෙන් අවශ්‍යතාවට ප්‍රතිචාර දැක්වීම සිදුකළා.

අපි රාජපක්ෂ ආණ්ඩුවට සහය දුන්නා මානුෂීය ආධාර මැද කොවිඩ් 19 තත්ත්වයට මුහුණ දෙන්න.අපි වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දුන්නා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථක කරගන්න සහ ණය ව්‍යාපෘති ඉක්මනින් නැවත ආරම්භ කරන්න. අපි දැනටමත් අනුර කුමාර මහතාගේ නව රජය සමඟ ශක්තිමත් සබඳතාවයක් ගොඩනගාගෙන ඉන්නේ.

අපි අලුත් රජයට සහයෝගය දෙන්න සූදානම්. පාලන ප්‍රතිසංස්කරණ සඳහා රජය දරන උත්සාහය සහ ආර්ථිකයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් අපි සහාය දෙනවා. මම විශ්වාස කරනවා සහයෝගීතාවෙන් උත්සාහයෙන් අපගේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වන්න අපිට පුළුවන් කියලා.” ලෙස පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...