පොල් ජරමරේ අලුත්ම කතාව!එක් අයකුට පොල් ගෙඩි 05යි.

0
588

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

අද (25) දින පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් මහරගම නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.

ඒ අනුව එක් අයකුට පොල් ගෙඩි 05 බැගින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවයි වාර්තා වේ. අද පෙරවරුවේ මහරගම පොල් ගෙඩි 5000ක පමණ ප්‍රමාණයක් ගෙඩියක් රුපියල් 100ක් 120ක් වැනි මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.

තවද, හලාවත, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් පර්යේෂණ මණ්ඩලය මගින් ද ජංගම රථ යොදාගෙන තෝරාගත් ප්‍රදේශ කිහිපයක පොල් අලෙවි කිරීම සිදුකරනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ.