කවුරු බලය ගත්තත් 2028 ඉදන් ණය ගෙවන්න තියෙනවා.ඒ දර්ශනය තියෙන කණ්ඩායමට බලය දෙන්න – සජිත්

Date:

කොළඹ LNW: ”කවුරු කාට ඡන්දය දුන්නත් 2028 සිට නැවතත් ණය ගෙවන්න වෙනවා. ඒ නිසා රට ගොඩගත හැකි දර්ශනයක් සහිත කණ්ඩායමට බලය ලබා දෙන්න” යනුවෙන් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුළ රු. 57500ක අවම වැටුපක්, රු. 25000 දක්වා ජීවන වියදම් දීමනවා, 24%ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් සහ 6-36% දක්වා ඇති බදු සූත්‍රය 1-24% දක්වා අඩු කරන බව පැවසූ බවත් එයට ප්‍රතිවාදීව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ශ්වය මාස 6න් 6ට වැඩුප් වැඩි කරනවා කිව්වත් අද වන විට වැටුප් වැඩි කළ හැක්කේ භාණ්ඩාගාරයේ තත්ත්වය බලා යනුවෙන් පවසන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ඔහු මේ බව කියාසිටියේ මහරගම සංවිධායක ගාමිනී තිලකසිරි මහතාගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා කියාසිටියේ අප රට 2-028 සිට ණය ගෙවන්න හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගිවිසුම් ගතව ඇති බවත් අයි එම් එෆ් එක ලිඛිතව 2033 සිට ණය ගෙවන ලෙස පැවසුවද හිටපු ජනාධිපතිවරයා එය 2028 දක්වා අඩුකර ඇති හෙයින් 2028 සිට ණය ගෙවීම ආරම්භ කරන්න නම් අප රටේ ආර්ථිකය විශාල ප්‍රමාණයකින් ශක්තිමත් කර විදේශ විනිම සංචිත තබා ගත යුතු බවයි.

ඒ සඳහා සුදුසු ආර්ථික වැඩපිළිවෙළක් දර්ශනයක් තිබිය යුතු බවත් ඉදිරි වසර 4 තුළ වේගවත් ආර්ථික සංවර්ධනයක් තිබිය යුතු වුවත් මේ යන ආකාරයට ගියහොත් 2028 සිට ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් මතු වෙන බවයි ඔහු පැවසුවේ.

මීට වඩා සහනදායී අයි එම් එෆ් ගිවිසුමකට යා හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බවද හෙතෙම පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...