*
Friday, October 25, 2024
spot_img

Latest Posts

(VIDEO) අමුතු බෝම්බ බිය උමතුවක්ද? දේශපාලන ලෝකයේ අමුතු සෙල්ලම්, විදේශිකයින් පැමිණීම මඟ ඇහිරීමේ කුමණ්ත්‍රණයක්?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

ආරුගම්බේ ඇතුලු දිවයිනේ සියලු සංචාරක කලාප තුළ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව ඇමෙරිකාව ඇතුලු රටවල් ප්‍රසාදය පළ කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. සංචාරකයින් දිවයිනට පැමිණිමේ කිසිදු අඩුවක් සිදුවී නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය ගෙවීමේ කාලය 2033 දී ආරම්භ කළ හැකි බවට ලිඛිතව ලබා දී තිබියදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය 2028 දී කළ හැකි බවට පොරොන්දු වීමෙන් ජනතාව මත විශාල බදු බරක් පැටවූ බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජනාධිපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඉදිරි මහ මැතිවරණය සඳහා ඒ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙනුයි නාම යෝජනා භාර දී තිබෙන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan