දෙසැම්බරයේදීත් විදුලි බිලට සහනයක්!

Date:

කොළඹ LNW:දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය වියහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබුණු අතර වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනය කිරීම සිදුවෙයි.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරන්නේ 4%ත් 11%ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි.

එය සෑම අංශයකටම 6%ක මධ්‍යස්ථ අගයක් වනු ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ.

එම යෝජනා මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් එම යෝජනා නැවත එළැඹෙන සඳුදා විදුලිබල මණ්ඩලය වෙත යොමු කිරීමත් සිදුකරන බවයි එම කොමිසම තවදුරටත් පවසන්නේ.

ඒ ආණූආ මෙම වසරේ පළමු කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය මාර්තු මස 4වැනි දින සිදුකළ අතර එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා 21.9%කින් විදුලි ගාස්තු සංශෝධනය විය.

දෙවැනි කාර්තුවේ විදුලි සංශෝධනය පසුගිය ජූලි මස 16වැනිදා සිදුකළේය.

එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සංශෝධනය කළ ප්‍රමාණය 22.5%කි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...