තලාව ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක්!

0
226

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

අද (26) අළුයම රත්නපුර මාරපන තලාව ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන අළුයම දෙකට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිවසේ හිමිකරු ඔහුගේ බිරිඳ සහ දියණිය එහි සිටි බව පැවසෙන අතර, ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

පොලිසිය සැක පළ කරන්නේ, නිවසේ හිමිකරු පතල් හිමිකරුවෙකු බවත් පතල් ආරවුලක් මුල්කර ගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි.

රත්නපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ ක්‍රියාත්මක කර තිබෙන බව පැවසේ.