රනිල් ගිය මඟ තමයි යන්නේ තියෙන්නේ කියල මාසෙන් ඔප්පු වුණා – කංචන

Date:

කොළඹ LNW: මොන වේදිකාවක සිට ජන්දය ගත්තද ඉදිරියට ගෙනයාමට සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙල සමඟින් බව වර්තමාන ආණ්ඩුව මාසයක කාලයක් තුළ පෙන්වා ඇතැයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එදා දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූ අයත් සමඟම තවදුරටත් රට කරගෙන යාමට මැදිහත්වීමත් හොඳ දෙයක් බවයි විජේසේකර මහතා කියාසිටින්නේ.

” මේ මාසයේ හොද නරක දෙකම මම දකිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු වැඩපිලිවෙළම තමයි ඉදිරියට ගෙනියන්න ඕනේ කියන එක මේ මාසය තුළ තහවුරු කරලා තිබෙනවා. හොඳ දේ තමයි ඔවුන් දේශපාලාන වේදිකාවල කුමන දේ කිව්ව්වත්, විරුද්ධ මතයක් දරුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක නෙවෙයි අපි කටයුතු කරන්නේ කීවත්, IMF ගිවිසුම අපි වෙනස් කරනවා කිව්වත්, ඉන්ධන මිල හදන්නේ මිල සූත්‍රයෙන් නෙවෙයි රු.150කින් 200කින් ඉන්ධන ලීටරයක මිල අඩුකරනවා කිව්වත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන හිරේ යවන්න ඕනේ කියල ඔහුවම පත් කරගෙන, දේශද්‍රෝහීන් කියල හංවඩු ගහපු නන්දලාල් වීරසිංහලා එක්කම මේ රට කරගෙන යාම මම හිතනවා හොඳ දෙයක් කියල. මොන වේදිකාවේ ඉඳන් ජන්ද ගත්තත් ඔවුන් එකක් පෙන්නලා තියෙනවා අපි ඉදිරිපත්කරපු වැඩපිළිවෙලම තමයි මේ රටේ ඉදිරියට ගෙනියන්න ඕනේ කියන එක මේ මාසේ සනාථ කර තිබෙනවා. එය ක්‍රියාත්මක කර තිබෙනවා.” යනුවෙන් හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...