ලෙබනන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

අද (27) සිට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය ආරම්භ කරන බව, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මේ වන විට පවතින යුධමය තත්ත්වයත් සමග අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට ලියාපදිංචි වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

අද (27) ඒ වෙනුවෙන් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘතව පවතී. ඒ සඳහා විදෙස් ගමන් බලපත්‍රය, වීසා බලපත්‍ර ඇතුලු ලේඛණ රැගෙන යාම අනිවාර්ය වේ.

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති ලාංකිකයින්, එලෙස පිටත්ව යෑම සඳහා සිය සේවා යෝජකයාගේ ලිඛිත කැමැත්ත ලබා ගත යුතු අතර, ගුවන් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් සිදුකරන පූර්ව දැනුම්දීම් පිළිබඳ ඉතා සැළකිලිමත් වන්නැයිද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එවැනි අවස්ථාවල අදාළ ප්‍රදේශවලින් ඉවත්ව, වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ යුතු අතර, අනවශ්‍ය ගමන් බිමන් නතර කර, හැකි තරම් සිය සේවා ස්ථානය තුළ රැඳී සිටින්නැයි ද, ලෙබනනයේ සිටින ලාංකිකයින්ට, තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.

ඕනෑම අයෙකුට යම් ගැටලුවක් ඇත්නම්, 00 961 791 255 89 යන දුරකතන අංකය අමතා, තානාපති කාර්යාලයට දැනුම් දීමට හැකියාව පවතින බවද තවදුරටත් පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...

LAUGFS Power, Futurity සමඟ අත්වැල් බැඳගනිමින් ප්‍රථම වරට AI-සක්‍රීය වාර්ෂික වාර්තාවක් එළිදක්වයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : විවිධාංගීකරණය වූ LAUGFS...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳ නඩුව යළි කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : 2010 වසරේ ජනවාරි...